රුපියල් කෝටි නවයකට අධික කොකේන් අල්ලයි

263


රුපියල් කෝටි නවයකට අධික වෙළඳපොළ වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ දෙකහමාරකට අධික ප්‍රමාණයක් සමග ඉන්දීය ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත්ව ඇත.
රේගු මාධ්‍ය ප්‍රකාශකල නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසූවේ
ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයේ සිට ඩුබායි නගරය හරහා ශ්‍රී ලංකාවට පැමිණි සැක සහිත ඉන්දියන් ජාතික කාන්තාවක් පරික්ෂා කළ අවස්ථාවේදී ඇයගේ ගමන් බෑගයේ තිබූ ෂැම්පු බෝතල කිහිපයක් තුළ සහ ඇඳුම් කිහිපයක බොත්තම් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ කොකේන් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2532 සොයා ගැනීමට හැකි වූ බවය. මෙය මෑත කාලයේ දී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද සුවිශේෂී අත්අඩංගුවට ගැනීමක් ලෙස හැඳින්විය හැකි බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment