රුපියල් මිලියන හතක දුම්වැටි සහ දුරකථන අත්අඩංගුවට

238

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තය තුළ සිදු කරන ලද විශේෂ ආවේක්ෂණ රාජකාරියකදී ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 226 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට මෙරටට පැමිණි සැක සැකකටයුතු මගින් තිදෙනෙකු නීති විරෝධී දුම්වැටි සහ ජංගම දුරකථන රැසක් සමග හරිත මාර්ගයේදී අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී එම ගමන් මලු තුළ සඟවා තිබූ රුපියල් මිලියන 4 ආසන්න වටිනාකමකින් යුත් විදේශීය දුම් වැටී 40000 හා නීති විරෝධීව මෙරටට ආනයනය කිරීමට උත්සාහ කළ රුපියල් මිලියන 3 වටිනාකමකින් යුත් දුරකථන 77ක් අත්අඩංගුවට ගෙන ඇත. විදේශීය දුම්වැටි රැගෙනා කාන්තාව රේගුව නොමග යැවීම සඳහා කුඩා දරුවෙකුද රැගෙන පැමිණීමේ පර්යන්තයෙන් පිටුවීමට උත්සාහ කර ඇත. අත්අඩංගුවට ගන්නා ලද මගින් වයස අවුරුදු විසිතුනක්, විසි හතක් හා හැටක් පමණ අය බව ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment