රුපියල් 2000 දීමනාව අද සිට

386

ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා ආන්ඩුව විසින් ලබාදෙන රුපියල් 2000 දීමනාව අද (23) දිනයේ සිට ලබාදීමට නියමිතය.

අදාළ දීමනාව ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වන විට ලබාදී ඇති බව සඳහන්ය.

ඒ අනුව මෙම දීමනාව සඳහා සුදුසුකම් ලබන්නේ රජයෙන් කිසිදු දීමනාවක් නොලබන අඩු ආදායම් ලාභී ජීවනෝපාය අහිමි වු පවුල් පමණක්ය.

රාජ්‍ය සේවකයින් , විශ්‍රාමිකයින් , සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටිල සියවස් පූර්ණ ආබාධිත වැනි රජයේ මාසික දීමනාලාභීන් මේ සඳහා සුදුසුකම් නොලබන බව ආර්ථික පුනර්ජීවනය හා ධරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment