රුපියල තවත් පිරිහෙයි ඩොලරය රු. 7.50 කින් නගී

382

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාත අගයන් අනුව ශී‍්‍ර ලංකා රුපියල තවදුරටත් පිරිහෙමින් ඊයේ (22 දා) ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 7.50 කින් ඉහළ ගියේය.

මේ අනුව පෙරේදා දිනයේ වාර්තා වූ ඇමරිකානු ඩොලරයක රු.274.99 ක් වූ විකුණුම් අගය ඊයේ දිනයේදී රු.282.49 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.

එසේම මහ බැංකුව නිකුත් කළ නිල විනිමය අනුපාත අගයන් අනුව පෙරේදා (21 දා) වාර්තා වූ රු. 264.66ක් වූ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල ඊයේ (22 දා) දිනයේදී රු. 264.66 දක්වා රු. 7.40 කින් ඉහළ ගියේය.

පසුගිය මාර්තු 07 දින රුපියල පා කිරීමට මහ බැංකුව තීරණය කිරීමත් සමග ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශී‍්‍ර ලංකා රුපියල දිගින් දිගටම පිරිහෙමින් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment