රුපියල තවත් ශක්තිමත් වෙයි

475

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (24) දිනයේදී ද සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇත.

මේ අනුව මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්ට අනුව පෙරේදා (23දා) රු.312.33 ක්වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (24දා) දිනයේදී රු.311.23 දක්වා පහත වැටී ඇත.

එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගයද පෙරේදා (23) වාර්තා වූ රු.299.19 සිට ඊයේ (24) දිනයේදී රු.297.98 ක් දක්වා පහත වැටී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment