රුපියල පා කිරීමත් සමග විදේශ මුදල් ඉපැයීම් වැඩිවේ

438

විනිමය අනුපාතය නම්‍යශීලීභාවයට ඉඩ හැරීමෙන් පසු නවතම නිල දත්තවලට අනුව විදේශගත ශ‍්‍රමිකයන්ගෙන් සහ අපනයනකරුවන්ගෙන් රටට ලැබෙන විදේශ විනිමය ඉපයීම ඉහළ ගොස් ඇතැයි ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසයි.

මේ ගැන කරුණු දක්වන ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙසේද පවසයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලීභාවයට ඉඩ හැරීමට ගත් තීරණයේ ප‍්‍රතිඵලයක් ලෙස මේ වන විට විනිමය අනුපාතිකය, විදේශ සේවා නියුක්තිකයන්ගේ පේ‍්‍රෂණ සහ අපනයන ඉපැයීම් ශ‍්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම් දිරි ගැන්වීම් සඳහා ලබාදුන් දිරි දීමනා මට්ටම ඉක්මවා ගොස් ඇති බව පේනවා.

ඒ අනුව පවතින විනිමය අනුපාතිකය මගින් විදේශගත ශ‍්‍රමිකයන්ගේ විදේශ විනිමය පේ‍්‍රෂණ සඳහා ඉහළ ප‍්‍රතිලාභයක් මෙන්ම අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපයීම් සඳහා ඉහළ රුපියල් අගයක් ලැබෙනු ඇත. මෙම මෑත කාලීන ප‍්‍රවණතා සැලකිල්ලට ගනිමින්, විදේශගත ශ‍්‍රමිකයන්ගේ පේ‍්‍රෂණ සහ අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපයීම් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇත.

නවතම නිල දත්තවලට අනුව 2022 වසරේ මාර්තු මාසයේදී විනිමය අනුපාතිකයේ කැපී පෙනෙණ ඉහළ යෑම හේතුවෙන්, විදේශගත ශ‍්‍රමිකයන් සහ අපනයනකරුවන් විසින් විධිමත් මාර්ග හරහා විදේශ විනිමය ඉපැයීම් ශ‍්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමෙහි සැලකිය යුතු වර්ධනයක් දැනටමත් පෙන්නුම් කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment