රුපියල පිරිහීමෙන් පිරිපහදු තෙල් ගෙන්වීමට අමතර මුදලක් වැය කිරීමට වෙයි

94

රුපියල අව ප‍්‍රමාණය වීම, ලෝක වෙළඳපොළ බොරතෙල් මිල උච්චාවචනයට අනුව පිරිපහදු කළ පෙට‍්‍රල් හා ඞීසල් ආනයනය කිරීමෙන් මේ වනවිට බැරලයකට ඇමරිකානු ඩොලර් විස්සක පමණ මුදලක් අමතරව ගෙවීමට සිදුව ඇතැයි තෙල් සංස්ථාව ගණන් බලා තිබේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු සම්පූර්ණයෙන්ම නතර කර දැමීම නිසා මෙරටට අවශ්‍ය පෙට‍්‍රල්, ඞීසල්, භූමිතෙල් හා ගුවන්යානා ඇතුළු සියලූම ඉන්ධන වර්ග අවසන් නිෂ්පාදන ලෙස මිලදී ගැනීමට සිදුව ඇත.

මීට පෙර පිරිපහදුව වසා දමන විට ඩොලරයට සාපේක්ෂව රුපියල පිරිහී නොතිබුණු අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ද පැවතියේ පහළ ගණනකටය. ඒ මොහොතේදී කළ ගණනය කිරීමේදී ද පිරිපහදු පෙට‍්‍රල්, ඞීසල් ආනයනයේදී බැරලයක් වෙනුවෙන් අමතරව ඩොලර් 15ක් පමණ වැය කිරීමට සිදුව තිබූ අතර මේ වනවිට එම පාඩුව ඩොලර් විස්සක් පමණ දක්වා ඉහළ ගොස් ඇතැයි ද සංස්ථා උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment