රුපියල පිරිහෙයි කබ්රාල් ලෑස්තිවෙයි

13434

රුපියල නම්‍යශීලී කිරීමට ගත් තීරණයත් සමඟ රුපියල යම් පිරිහීමකට ලක්ව ඇති බවත් එසේම එම තීරණයෙන් ඉදිරියේදී මතුවන අභියෝගාත්මක තත්ත්වයන් සඳහා ප‍්‍රතිතීරණ ගැනීමට මහ බැංකුව සූදානමින් සිටින බවත් මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ශ‍්‍රී ලංකා රුපියල නම්‍යශීලී කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මහජනතාවට කරුණු පැහැදිලි කරමින් ඊයේ (11 දා) මහ බැංකු අධිපතිවරයා විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් මේ බව කීවේය.

මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා ඊයේ සිදු කළ විශේෂ ප‍්‍රකාශය මෙසේය.

පසුගිය වසර කිහිපයම ශ‍්‍රී ලංකාවට සහ ලෝකයටම ආර්ථිකමය වශයෙන් අපහසු සහ අභියෝගාත්මක කාලයක්. ඒ කාලය තුළදී ආර්ථික ස්ථායිභාවය රැකගැනීම ඉතාමත්ම දුෂ්කර කාර්යයක් ද වී තිබෙනවා. ඒ නිසා තමයි ශ‍්‍රී ලංකා මහ බැංකුවට පසුගිය වසර දෙක තුන තුළදී සෑහෙන පීඩනයකට මුහුණදීමට සිදුවෙලා තිබෙන්නේ. ඒත් එක්කම ශ‍්‍රී ලංකා මහ බැංකුව විවිධ ප‍්‍රතිපත්තිමය කටයුතු ඔස්සේ මේ ස්ථායිභාවය රැකගෙන දිගින් දිගටම රටේ ආර්ථිකය කොවිඩ් වංසගතය මධ්‍යයේත්, වෙනත් ලෝක පීඩනයන් මධ්‍යයේත් අපට හැකිවෙලා තිබෙනවා අපහසුතාවක් වැඩිපුර දැනෙන්නේ නැති වන විදිහට කරගෙන යන්න. ඒ සමගම පසුගිය සති කිහිපය තුළදී ලෝකය දැවැන්ත අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. ඒ අර්බුදය හරහා ලෝකයේ සියලූම ආර්ථික කටයුතුවලට ඉතා විශාල අභියෝග විඳීමට සිදුවෙලා තිබෙනවා. ඒ නිසා අපි පාවිච්චි කරල තිබුණු සමහර මෙවලම් අපට වෙනස් කරන්න සිදුවෙලා තියෙනවා. ඒ නිසා මේ සතියේ මුල් භාගයේදී ශ‍්‍රී ලංකා රුපියල තවදුරටත් නම්‍යශීලීභාවයට පත් කිරීමට අපි තීරණය කරල තියෙනවා. පොලී අනුපාතය වැඩි කිරීමට තීරණය කරල තියෙනවා. අපි දන්නවා මේවායින් සමහර විට විවිධ ප‍්‍රතිවිපාක ජන ජීවිතයට ලැබෙන්න තිබුණත් දිගුකාලීන ස්ථායිභාවය රැක ගැනීම සඳහා මහ බැංකුව ඒ තීරණ අරන් තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිභාවය සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිභාවය රැකගැනීම මහ බැංකුවේ විශේෂ කාර්යභාරයක්. එය සිදු කරද්දී සමහර විට අපට මෙවැනි තීරණ ගැනීමට සිදුවෙලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී රුපියලට වැඩිපුර නම්‍යශීලීභාවයක් ලබාදෙන්නට කටයුතු කරද්දී රුපියලේ අගය පිරිහෙන්නට පුළුවන්. රුපියල යම් පිරිහීමකට පත්වෙලා තියෙනවා. ඒ වුණත් ඒ හරහා තවත් සුබදායී කටයුතු සිදුවෙන්නත් පුළුවන්. ඒවා තමයි රටට ගලා එන විදේශ විනිමය වැඩිවෙන්නට පුළුවන්. ඒ තුළින් අපේ අනෙකුත් තිබෙන සාධක තවදුරටත් වර්ධනය වෙන්නට පුළුවන්. ඒවා සැලකිල්ලට අරගෙන ඉදිරි කාලයේදී මේ තීරණයෙන් සිදුවන අභියෝගාත්මක කටයුතුවලට විවිධ ප‍්‍රතිතීරණ ගන්නටත් මහ බැංකුව සූදානම් වෙලා ඉන්නවා.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment