රුපියල ශක්තිමත් වන රහස හෙළිවෙයි

13140

ආනයන සීමා එලෙසම තිබිය දී මෙරටට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි වීම රුපියල ශක්තිමත් වීමට හේතු වී ඇති බව මූල්‍ය විශ්ලේෂකයෝ සඳහන් කරති.

මේ හේතුවෙන් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ විදේශ විනිමය සැපයුම වැඩි වී ඇති බව ද ඔවුහු සඳහන් කරති.

මේ වන විට බැංකු ක්‍රමයට ලැබෙන විදේශ විනිමය ප්‍රවාහයන් ද වර්ධනය වී ඇති බව වාර්තා වේ.

මේ අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පසුගිය සිකුරාදා (03) දිනයේ ද සැලකිය යුතු අගයකින් වාර්තාගත ලෙස ශක්තිමත් විය.

මේ අනුව මාර්තු 02 වැනිදා රු.356.73 ක් වූ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය මාර්තු 03 දිනයේ දී රු.348.03 ක් දක්වා රු.8.70 කින් සැලකිය යුතු ශක්තිමත් විය.

මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් අගය එදින රු. 343.97 සිට රු. 334.50ක් දක්වා ශක්තිමත් විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment