රුපියල ස්ථාවර  කර ගැනීමට බැංකු  අතර එකඟතාවක්

623

ඇමෙරිකානු ඩොලරය සහ ශ‍්‍රී ලංකා රුපියල අතර හුවමාරු අනුපාතය දැනට තීරණය වී ඇති ඉහළ අගයට වඩා සාපේක්‍ෂව අඩු අගයක ස්ථාවර කර ගැනීම සඳහා වාණිජ බැංකු අතර එකඟත්වයක් ඇති කර ගැනීමට සූදානමක් ඇති බව ‘දිවයින’ට වාර්තා වේ.

මේ අනුව ඇමරිකානු ඩොලරයක වෙළෙඳපොළ අනුපාතය රු. 275 ත් රු. 280 ත් අතර මට්ටමක පවත්වා ගෙන යෑමට බැංකුකරුවන් අතර සාකච්ඡුා සිදුවෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුවටද බැංකු නියෝජිතයන් විසින් දැනුම් දී ඇත.

එවැනි හුවමාරු අනුපාතයක් බැංකුවල විනිමය  ගනුදෙනුවලදී පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේද එකඟත්වය පළවී ඇති බවත් මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡුා පවත්වා බැංකු අතර අවසන් එකඟතාවක් ඇතිකර ගැනීමට නියමිත බවත් ‘දිවයින’ ට වාර්තා වේ.

මේ වනවිට වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 300 දක්වා ඉහළ ගොස් තිබේ.

ඇමරිකානු ඩොලරය හා ශ‍්‍රී ලංකා රුපියල අතර විනිමය අනුපාතය රු. 275 ත් රු. 280 ත් අතර අගයක පවතවා ගෙන යෑමට සාකච්ඡා කෙරුණත් ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවක් ඇති කරගෙන නොමැත.

මෙසේ යම් අගයක විනිමය අනුපාතය ස්ථාවර කරගත හැකි වුවහොත් තවදුරටත් බඩු මිල ඉහළ යෑමට ඇති පීඩනය අවමවනු ඇතැයිද බැංකු නියෝජිතයන්ගෙන් දැන ගන්නට ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment