රුවන්ඩාවේ අටලක්ෂයක් ජනතාව ඝාතනය වීම ගැන ප‍්‍රංශය සමාව යදිනවා- ජනපති මැක්රෝන්

273

රුවන්ඩාවේ ටුට්සි සහ හූටු ගෝති‍්‍රකයන් 800,000 ක් ඝාතනය වීම් ගැන සමාව අයදින බව ප‍්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රෝන් ප‍්‍රකාශ කර ඇත.
 
 එම ඝාතනවලට ප‍්‍රංශය සම්බන්ධවී නැති අතර එම අවස්ථාවේ රුවන්ඩාවේ සිටි ප‍්‍රංශ හමුදා බළකාය එම ඝාතන වැළැක්වීමට කි‍්‍රයාකර නැති බව හෙළි වී තිබේ. එහෙත් එම ඝාතන සිදු වූ සමයේ ප‍්‍රංශ ජනපති වූ ප‍්‍රැන්කොයිස් මිත‍්‍රරොන් පාලනයේ සිටි අතර ඔහු ඊට වගකිවයුතු බව ප‍්‍රංශ විමර්ශන කමිටුවේ කොමසාරිස්වරයා දක්වා ඇත. එසේ වුවත් ඝාතන සිදු කළවුත් අත්අඩංගුවට ගැනීමට ප‍්‍රංශ හමුදාව කි‍්‍රයාකර නැති බවට චෝදනා එල්ල වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment