රුවන්ඩාවේ දැවැන්ත මිනිස් සංහාරයක් සිදු කළ කර්නල්වරයා මිය යයි

564

අප‍්‍රිකානු රාජ්‍යයක් වන රුවන්ඩාවේ 1994 වසරේදී සිදු වූ එරට වැසියන් අට ලක්ෂයක් පමණ දෙනා මරා දැමු දැවැන්ත මනුෂ්‍ය සංහාරය මෙහෙයවූ රුවන්ඩා හමුදාවේ කර්නල්වරයෙකු වූ තියොනෙස්ටේ බගෝසොරා මාලි රාජ්‍යයේ සිරගතව සිටියදී මිය ගොස් ඇත. මිය යන විට 80 හැවිරිදි වියෙහි පසු වූ බහෝසොරා 1914 වසරේ සිදු වූ අදාළ මනුෂ්‍ය සංහාරය වන අවස්ථාවේ රුවන්ඩාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.

අදාළ මනුෂ්‍ය සංහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපරාධ කටයුතු පිළිබඳ ත‍්‍රිපුද්ගල විනිසුරු කමිටුව මියගිය බොගෝසොරා හට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් නියම කරන ලද අතර පසුව එය වසර 35කට අඩු කරනු ලැබීය. බොගෝසොරා විසින් 1994 වසරේදී සිදු වූ දැවැන්ත මනුෂ්‍ය සංහාරයේදී වැඩි වශයෙන් මරා දමා ඇත්තේ ‘‘ටුට්සි” නමැති ජනකොටසට අයත් වූවන් වන අතර දින 100ක් ඇතුළත අදාළ සංහාරය සිදු කර තිබිණි. මිය ගිය බොගෝසොරාගේ පුත් ඇචිලේ විදෙස් මාධ්‍යයන්ට පවසා ඇත්තේ සිය පියා මාලි රාජ්‍යයේ බමකෝ ප‍්‍රදේශයේ පිහිටි රෝහලකදී මිය ගොස් ඇත්තේ හෘද රෝගයක් සම්බන්ධයෙන් ප‍්‍රතිකාර ලබමින් සිටියදී බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment