රුසියානුවාට පහර දුන් තී‍්‍රරෝද රියදුරා රිමාන්ඩ්

437

නාරිගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසලදි විදේශිකයෙකුට පහරදිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ත්‍රි රෝද රථ රියදුරා ලබන 14 දින දක්වා රිමාන්ඩ් බන්ධනගාර ගත කිරිමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් පේමරත්න තිරාණගම මහතා නියෝග කලේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනගාර ගත කරනු ලැබුවේ නුවන් දර්ශණ නමැති 29 හැවිරිදි අයෙකි.
පහර කෑමට ලක්ව ඇත්තේ රුසියානු ජාතිකයෙකි. ඉකුත් 06 වන දින සවස සැමියා තමා සමග හෝටලය ඉදිරි පිටට පැමිණ සංචාරයක් යාම සඳහා සැකකාර ත්‍රි රෝද රථ රියදුරු සමග සාකච්ඡා කර ඇති බවටත් එහිදි ත්‍රි රෝද රථ රියදුරා සැමියාට පහරදුන් බවටත් ඔහුගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment