රුසියානු කතට අතවර කළ පනාපිටියේ අයෙක් දැලේ

1276

රුසියානු කාන්තාවකට ලිංගික අතවර කළ පුද්ගලයකු පෙරේදා (11 දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි. ගැලීනා කැස්නෙල්සන් නමැති 36 හැවිරිදි කාන්තාවක කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පැමිණිලිකාර රුසියන් කාන්තාව මුහුදු වෙරළ ආසන්නයේ ව්‍යායාම කිරීමට යමින් සිටියදී සැකකරු ලිංගික අතවර කර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව, පනාපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි විවාහකයෙකි.

සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. කළුතර උතුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර ෆොන්සේකා මහතාගේ උපදෙස් පරිදි, අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ මහතා විසින් වැටලීම සිදුකර තිබේ.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම
 

advertistmentadvertistment
advertistmentadvertistment