රුසියානු කත අහංගමදී මිය යයි

254

වැලි ප‍්‍රවාහනය කරන ටිපර් රථයකට යටවිමෙන් අහංගම නගරයේදි රුසියානු ජාතික කාන්තාවක් ඊයේ (20) සවස මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇති කාන්තාව 38 හැවිරිදි බවට ඇයගේ විදේශ ගමන් බලපත‍්‍රය අනුව හඳුනාගෙන ඇති බවද පොලිසිය පවසයි.

මාතර දෙස සිට ගාල්ල දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ඇය ඉදිරියෙන් ගිය ටිපර් රථයට වම් පසින් ඉස්සර කිරිමට යාමේදි පාර අයිනේ නවතා තිබු ත‍්‍රි රෝද රථයක වැදි පාරට වැටි ඇති බවත් ඒ සමගම ඇය ටිපර් රථයට යටවි ඇති බවත් පොලිසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment