රුසියානු ගෑස් සමාගමේ  උප සභාපති බිරිය සහ දියණිය ස්පාඤ්ඤයේදී – ඝාතනය කෙරෙති

1171

රුසියානු නොවාටෙක් ගෑස් සමාගමේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමනාකරු සහ උඵ සභාපති සර්ජි ප්‍රොටෝසෙන්සා සහ ඔහුගේ බිරියද දියණියද ස්පාඤ්ඤයේ පිහිටි සුවිසල් නිවසකදී ඝාතනය වී ඇත.

 55 හැවිරිදි වියේ පසුවූ සර්ජි එල්ලා තිබියදී හමුවූ අතර දියණිය හා බිරියට පිහියෙන් ඇන මරා දමා තිබූ බව පොලිසිය කියයි. නොවැටෙක් සමාගමේ හිටපු ගණකාධිකාරි ලෙසද ඔහු කටයුතු කර ඇත. ඔහුගේ වත්කම යුරෝ මිලියන 400ක් වේ. ප්‍රංශයේ පදිංචිව සිටි සර්ජි නිවාඩුවක් ගතකිරීමට ස්පාඤ්ඤයට පැමිණ තිබේ.

 සර්ජිගේ වැඩිමහල් පුත්‍රයා පොලිසියට කළ පැමිණිල්ලක් මත නිවස පරීක්‍ෂාවට ලක්කිරීමේදී සිරුරු හමුවී ඇත. ඝාතනය සිදුවූ නිවසේ තිබී පොරවක් සහ පිහියක්ද හමුවී තිබේ. මේ අතර ඇමරිකානු නිව්ස්වීක් සඟරාව පැවසුවේ මියගිය සර්ජි නොවැටෙක් සමාගමේ උපසභාපති බවයි. මෙයට පෙර රුසියානු සමාගමක ප්‍රධානියෙක්ද ඔහුගේ බිරිය හා දියණියද මොස්කව් නුවරදී ඝාතනය විය.

advertistmentadvertistment
advertistmentadvertistment