රුසියානු ජනපතිට ඉන්දියාවෙන් ආරාධනා

191

මෙම වසරේ ජුනි මස ඉන්දියාවේ පැවැත්වෙන ෂැන්හයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා සහභාගී වනු ඇතැයි G20 සමුළුවේ ප්‍රධාන සම්බන්ධීකාරක සහ ඉන්දීය හිටපු විදේශ ලේකම් සහ ඇමෙරිකාවේ හිටපු ඉන්දීය තානාපති හර්ෂ් ශ්‍රින්ග්ලා මහතා පවසයි.G 20 සමුළුවේ මෙවර සභාපතිත්වය දරන්නේ ඉන්දියාවය.පසුගියදා ඉන්දුනීසියාවේ පැවැති මෙම සමුළුවට රුසියානු ජනාධිපතිවරයා සහභාගී වූයේ නැත. 2021 වසරේදී ඉතාලියේ පැවැති G 20 සමුළුව සදහාද රුසියානු ජනාධිපතිවරයා සහභාගී වූයේ නැත. මෙම සාමාජික රටවල සියලු නායකයින් එක් ඡායාරූපයක් සදහා සහභාගී කර ගැනීම අසීරු යැයි ද ශ්‍රින්ග්ලා මහතා පවසයි. ඉන්දියාව පසුගිය 12 සහ 13 යන දිනයන්හිදී අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ගෝලීය දකුණු සමුළුව පැවැත්වූ බව ද ඊට රටවල් 120කට ආරාධනා කළ බව ද සඳහන් කළේය. ඉන්දියාව කටයුතු කරන්නේ ලෝක සාමය සඳහා බවද ඒ සදහා G20 සමුළුව යටතේ මෙවර ස්ථාන 56ක රැස්වීම් 215ක් පැවැත්වීමට නියමිත බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment