‘රුසියානු ජනපති න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කරනවා’

1125

* යුක්රේන ජනපති බටහිර රටවලට අනතුරු අඟවයි

* රුසියාවේ අටවැනි හමුදා ජෙනරාල්වරයාත් මරුට

මිය ගිය අට වැනි  ජෙනරාල්

රුසියානු නායක පුටින් කොයි මොහොතේ හෝ න්‍යෂ්ටික අවි භාවිත කරන නිසා දැන් සිටම ඊට සූදානම්වන ලෙස යුක්රේන ජනපති සෙලෙන්ස්කි බටහිර රටවලට අනතුරු අඟවා ඇත.

මොස්කවා නැමැති යුද්ධ නැව යුක්රේන නැප්චූන් මිසයිල ප්‍රහාරයකින් විනාශවීම ගැන ජනපති පුටින් කෝපයට පත්වී තිබේ. මෙම යුද්ධ නැවේ සිටි 504ක් වූ නැවියන් ගෙන් තුර්කි නැවක් විසින් බේරාගෙන ඇත්තේ 54ක් පමණි.

මේ අතර හිටපු බි්‍රතාන්‍ය ආරක්‍ෂක උපදේශක රික්ටන් සාමිවරයා පැවසුවේ රුසියානු හමුදාව ළඟදීම නේටෝ කඳවුරකට ප්‍රහාර එල්ල කරන බවයි. මෙයට හේතුවී ඇත්තේ නේටෝ සංවිධානය යුක්රේනයට අවි ආයුධ සැපයීමයි. ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ද පැවසුවේ යුක්රේනයට ඩොලර් මිලියන 800ක අවි ආයුධ සපයන බවයි. මේ පිළිබඳව රුසියානු ජනපති පුටින් බටහිර රටවලට අනතුරු අඟවමින් වහාම අවි ආයුධ සැපයීම නතර කරන ලෙස තර්ජනය කර ඇත. පසුගිය පෙබරවාරි 25 ආරම්භ වූ යුක්රේන යුද්ධයෙන් යුක්රේන භටයන් 3000ක් මියගොස් 10000ක් තුවාල ලබා තිබේ. ළමුන් 200ක් ද මියගිය බව යුක්රේනය මුල්වරට පිළිගෙන ඇත.

රුසියාව සහ යුක්රේනය අතර පැවැති මෙම ගැටුමෙන් රුසියානු හමුදා ප්‍රධානීන් 42ක් ද මරුමුවට පත්වී තිබේ.

පසුගිය සතියේ රුසියාවේ අටවැනි සේනාංකයේ ජෙනරාල් ව්ලැඩමීර් පාර්ලොව් ද මරුමුවට පත්වී තිබේ. මේ අතර මරියුසෝල් නගරයේ සිටින යුක්රේන භටයන්ට අවි බිම තබා යටත්වන්නැයි ජනපති පුටින් කළ නියෝගය එම භට පිරිස් ප්‍රතික්‍ෂේප කර ඇත. යුද ගැටුම නතර කිරීමේ අරමුණින් ඔස්ටි්‍රයානු නායකයා ද ජනපති පුටින් හමුවී සාකච්ඡා කර ඇතත් ඔහු ඊට එකඟ වී නොමැත. මේ පසුබිම මැද රුසියානු හමුදා බි්‍රතාන්‍ය කුලී හේවායකු ද අල්ලාගෙන ඇත. කුලී සෙබළුන් 700ක් යුක්රේන හමුදාව සමග එක්ව සටන්වදින බව තවදුරටත් අනාවරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment