රුසියානු ජනපති පුටින් ඝාතන ප්‍රයත්නයකින් දිවි ගලවා ගනී – මොස්කව්හිදී පුටින්ගේ රියට බෝම්බ ප්‍රහාරයක්

1425

* එල්ල කිරීමට සැලසුම් කළ චෙච්නියානුවා අත්අඩංගුවට
 

 රුසියානු ජනපති ව්ලැඩමීර් පුටින් ඝාතන ප්‍රයත්නයකින් දිවි ගලවා ගෙන ඇත. දෙමසකට පෙර කොකේසස් කල්ලිය දියත් කළ එම ඝාතන සැලසුම් ගැන හෙළිකර ඇත්තේ යුක්රේන බුද්ධි බලධාරියකු වූ කයිර්යලෝ බුඩානෙව්ය.

රුසියානු ජනපති පුටින් ඝාතන ප්‍රයත්නයකින් දිවි ගලවා ගනී - මොස්කව්හිදී පුටින්ගේ රියට බෝම්බ ප්‍රහාරයක්

පෙබරවාරි 24 දා පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ක්‍රියා කිරීමෙන් පසු මෙම ඝාතන සැලසුම දියත් වී ඇත. එය අසාර්ථක උත්සාහයක් බව හෙතෙම පළ කළේය. 2008 දී පුටින් ජොර්ජියාව ආක්‍රමණය කරන ලෙස නියෝග කළ අතර ඔහු යුක්රේන ජනපති සෙලෙන්ස්කි මරා දැමීමට ද ඝාතන කල්ලියක් ඒවා තිබුණි. චිත්‍රපට අධ්‍යක්‍ෂ ඔලිවර් ස්ටෝන් සමග පැවැති සාකච්ඡාවේදී තමා පස් වතාවක් ඝාතන ප්‍රයත්නවලින් ගැලවුණ බව පුටින් පැවසූවා යැයි යුක්රේන බුද්ධි ප්‍රධානී බුඩානෙව් හෙළි කර ඇත. පුටින් සංචාරයේ යෙදෙන සෑම අවස්ථාවකදී ස්නයිෆර් කණ්ඩායමක් සමග ගමන් කරන අතර ඔවුන්ට ඕනෑම අවස්ථාවක පුටින්ට තර්ජනය කරන අයවලුන් මරා දැමීමට අවසරය දී ඇත.

 චෙච්නියාවේ ප්‍රකට පවුලක ප්‍රධානියකු වූ අඩම් ඔස්මායෙව් ඔඩෙස්සාහි දී විශේෂ බළකායක් විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මොස්කව්හිදී පුටින් රැගත් මෝටර් රථ කණ්ඩායමට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බව පිළිගෙන ඇත. මෙම ඝාතන සැලසුමේ වැඩිදුර තොරතුරු හෙළි වී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment