රුසියානු ජනපති පුටින් පිළිකා රෝගයට ගොදුරු වෙයි

1448

 යුක්රේන යුද්ධය මෙහෙයවීම බුද්ධි ප්‍රධානියාට පවරයි
 රුසියානු මාණ්ඩලික ප්‍රධානියා තුවාල ලබයි


 රුසියානු ජනපති වැලඩමීර් පුටින් පිළිකා රෝගයෙන් පෙළෙන නිසා ශල්‍යකර්මයක් සඳහා සූදානම් වී ඇත. ඔහුට ශල්‍යකර්මය කරන තෙක් යුක්රේන යුද්ධය මෙහෙයවීම එෆ්.එස්.බී. බුද්ධි සේවා ප්‍රධානි නිකොලායි පත්රුසෙව්ට පවරා තිබේ.
 රුසියානු ආරක්‍ෂක මණ්ඩලයේ ලේකම් වූ පත්රුසෙව් යුක්රේන යුද්ධයේ ප්‍රධාන මෙහෙයුම් කරුවේ. ජනපති පුටින් කොපමණ කලක් රෝහල් ගතව සිටින්නේද යැයි හෙළි වී නැත. රුසියානු ව්‍යවස්ථාව අනුව ජනපතිගේ
 බලය අගමැතිට පැවරිය හැකිය. ජනපති පුටින්ට මාස 18 කට පෙර පාකින්සන් රෝගයද වැළදී තිබුණි. පසුගිය අප්‍රේල් මස පුටින්ගේ ශල්‍යකර්මය සිදු කිරීමට නියමිතව තිබූ අතර පසුව එය කල්දමා ඇත.
 මේ අතර රුසියානු වෛiවරු පැවසුවේ ශල්‍යකර්මය කල් දැමිය නොහැකි බවයි.
 ජනපති පුටින්ගේ සමීපතම හමුදා ප්‍රධානියා වූ මාණ්ඩලික ප්‍රධානි වැලරි ජෙරසිමෝව්ද යුක්රේනයේ දී තුවාල ලබා ඇත. එසේම රුසියානු හමුදාවේ නව වැනි ජනරාල්වරයාද යුක්රේනයේදී මරුමුවට පත්වී ඇත. ඇන්ඩ්‍රේ සිමෝනෝව් නමැති එම ජනරාල්වරයා රුසියානු හමුදාවේ තාක්‍ෂණ අංශයේ ප්‍රධානියායි.

advertistmentadvertistment
advertistmentadvertistment