රුසියානු ජනපති යුක්රේන බෙදුම්වාදී ප‍්‍රාන්තයට හමුදාව යවයි

652

රුසියාව සමඟ ආයෝජන සහ වෙළෙඳ කටයුතු පැවැත්වීම තහනම් වේ

යුක්රේනයට අයත් එම ජනරජ දෙකම දැන් පාලනය කරන්නේ රුසියාවට සම්බන්ධ හමුදාවයි
– ඇමෙරිකානු බුද්ධි අංශ පවසයි

විශාල රුසියානු සේනාවක් ඩොනෙට්ක්ස් අගනුවර වෙත පැමිණ ඇති බවට තහවුරුවෙයි

යුක්රේනය ප‍්‍රකෝපකාරී ක‍්‍රියා සිදුකරන බව රුසියානු ජනපති පුටින් චෝදනා කරයි

යුක්රේනයේ බෙදුම්වාදී ප‍්‍රාන්ත දෙක ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගත් රුසියානු ජනපති පුටින් එක් ප‍්‍රාන්තයක අගනුවරක් වූ ඩොනෙට්ක්ස් වෙත රුසියානු හමුදාව යවා ඇත. මේ සමඟම බි‍්‍රතාන්‍යය, ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පැවසූවේ රුසියාවට සම්බාධක පනවන බවයි. මෙම ප‍්‍රාන්තවල සිටි සිවිල් ජනතාවගෙන් 60,000ක් රුසියාවට පිටත්කර යවා ඇත.

යුක්රේනයට අයත් ඩොනෙට්ක්ස් ජනරජය සහ ලූහන්ස්ක් ජනරජය රුසියාව විසින් වෙනම රටවල් ලෙස පිළිගැනීම නිසා ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් විධායක නියෝගයක් නිකුත් කරමින් රුසියාවට සම්බාධක පැනවූයේය. මෙම නියෝගය නිසා රුසියාව සමඟ ආයෝජන සහ වෙළෙඳ කටයුතු පැවැත්වීම තහනම් වේ. ඇමෙරිකානු බුද්ධි අංශ පැවසූවේ යුක්රේනයට අයත් එම ජනරජ දෙකම දැන් පාලනය කරන්නේ රුසියාවට සම්බන්ධ හමුදාව බවයි. මේ අතර විශාල රුසියානු සේනාවක් ඩොනෙට්ක්ස් අගනුවර වෙත පැමිණ ඇති බවට තහවුරු වී ඇත. මේ අතර බටහිර රටවල් රුසියාවට සම්බාධක පැනවීම තුළින් රුසියාවේ තෙල් අලෙවියටද දුෂ්කරතා මතුවන බව වාර්තාවේ. රුසියානු තෙල් අලෙවි කරන විශාලතම සමාගම ලන්ඩන් නුවර සිට ක‍්‍රියාත්මක වේ. මේ තත්ත්වය මැද යුක්රේනය ප‍්‍රකෝපකාරී ක‍්‍රියා සිදුකරන බව රුසියානු ජනපති පුටින් චෝදනා එල්ලකර තිබේ.

රුසියාව සහ යුක්රේනය අතර ඇති වී තිබෙන අර්බුදය නිසා යුක්රේන ජනපති වැලෙන්ස්කි කිව් අගනුවරින් පිටව ගොස් තිබේ. මේ පසුබිම මැද බි‍්‍රතාන්‍යය මාධ්‍ය රුසියානු ජනපතිව හඳුන්වා ඇත්තේ මැරවරයෙකු ලෙසිනි. 2014 දී පුටින් කි‍්‍රමියානු අර්ධද්වීපය නීති විරෝධීව අල්ලාගත් බවද බි‍්‍රතාන්‍ය මාධ්‍ය කියා සිටී.

රුසියානු ජනපති යුක්රේන බෙදුම්වාදී ප‍්‍රාන්තයට  හමුදාව යවයි

මේ අතර ඇමෙරිකානු 82 වැනි ගුවන්භට සේනාංකය පෝලන්තයේ සිටින බවද ඊට යුද ටැංකිද අයත් බව හෙළි වී තිබේ. පැරණි සෝවියට් ප‍්‍රාන්තවලින් රුසියාවට සහාය දක්වන්නේ බෙලාරුස් රාජ්‍යයයි. එස්ටෝනියාව රුසියාවට එරෙහි වී ඇත. මේ අතර බටහිර රටවල් රුසියාවට එරෙහිව යුද මෙහෙයුම් දියත් කරන බව පවසා නැත. යුක්රේනයේ යුද ශක්තිය සහ රුසියාවේ යුද ශක්තිය ද අහසට පොළව වැනිය. රුසියාව සතුව න්‍යෂ්ටික මිසයිල ඒකක කීපයක්ද උරගන් නමැති රොකට් ප‍්‍රහාර ඒකක රැසක්ද තිබේ. ඇතිවී තිබෙන අර්බුදයට මූලිකයකුවූ නේටෝ සංවිධානයට ඇතුළත්වීමට යුක්රේනය ගෙන ඇති තීරණයයි. යුක්රේන ජනපති වැලෙන්ස්කි පැවසුවේ නේටෝ සංවිධානයේ සාමාජිකයකු වීමෙන් රුසියාවෙන් ආරක්‍ෂා වන බවයි. මේ අතර බෙදුම්වාදී ඩොනෙක්ස් ජනරජයේ ජනතාව රුසියාව පිළිබඳව සතුට පළකර තිබේ. එහෙත් නේටෝ සංවිධානය රුසියාව සමග ගැටුම් ඇතිකර ගැනීමට ඉදිරිපත් වී නැත. නේටෝ ප‍්‍රධානි ජෙන් ස්ටොල්ටෙන්බග් පැවසුවේ යුක්රේනයේ ආරක්‍ෂාවට නේටෝ සංවිධානය ඉදිරිපත් වන බවයි. මේ අතර රුසියානු ආරක්‍ෂක මණ්ඩලය ජනපති පුටින්ගේ මෙහෙයවීමෙන් පෙරේදා රැස්වූ අතර එහිදී යුක්රේනයේ බටහිර සබඳතා ගැන සාකච්ඡා කර ඇත.

හිටපු කේ. ජී. බී, බුද්ධි සේවා නිලධාරියකු වූ ජනපති පුටින් මෙම ආරක්‍ෂක මණ්ඩල රැස්වීම අමතා පැවසුවේ යුක්රේන නායකයන් රුසියාවේ ආරක්ෂාව ගැන තැකීමක් නොකරන බවයි.

රුසියානු ජනපති නගන චෝදනාවට යුක්රේනය ප‍්‍රතිචාර දක්වා නැත. මේ අතර රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කළහොත් ලෝක තෙල් මිල ඉහළ යනු ඇතැයි ආරංචි මාර්ග කියා සිටී. යුක්රේනයේ ජනපති ලෙස කටයුතු කරන්නේ රූපවාහිනි නළුවකු වූ වැලෙන්ස්කිය. ඔහුට දේශපාලනය ගැන දැනීමක් නැත. යුක්රේනයේ ජනපති ලෙස ඔහු පත්වූයේ අහම්බෙනි. යුක්රේන රූපවාහිනියේ ඔහු රඟපෑ චරිතය වූයේද ජනපතිවරයකුගේ චරිතයයි. මේ නිසා ජනතාව ඔහුට ඡුන්දය දී ඇත. යුක්රේනයේ ජනගහනය 43,308,714 කි.

advertistmentadvertistment
advertistmentadvertistment