රුසියානු ණයේ ඉතුරු මුදල් තෙල් ගෑස් පෝර ගැනීමට යොදා ගත හැකියි – විමල් වීරවංශ

321

රුසියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන ආරක්‍ෂක උපකරණ මිලදී ගැනීම සඳහා වන ණය ආධාරයෙන් ඉතිරිවී තිබෙන මුදල් රට තුළ පවතින ඉන්ධන, ගෑස්, පොහොර අවශ්‍යතා විසඳාගැනීම සඳහා යොදාගැනීමට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉල්ලීමක් කළහොත් සලකා බැලිය හැකි යැයි මෙරට රුසියානු තානාපති යූරි මැටෙරි මහතා පැවසූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

පෙරේදා (21වැනිදා) පස්වරුවේ විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී කළ විමසුමකට එසේ සඳහන් කළ බව විමල් වීරවංශ මහතා කීවේය. එම ඉල්ලීම රටක් හැටියට අප කඩිනමින් කළ යුතු යැයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment