රුසියානු දේශසීමාව අසල නේටෝ සංවිධානයෙන් දැවැන්ත යුද අභ්‍යාසයක්

926

* ඇමෙරිකානු යානාවක් කඩා වැටී  මැරීන් භටයන් සිව්දෙනෙක් මරුට
 
 * 39000ක බළසේනාවක්
 
 * යුද නැව් 50ක් – ප‍්‍රහාරක යානා 200ක්
 
 * රටවල් 28ක්

රුසියානු දේශසීමාව අසල නේටෝ සංවිධානයෙන් දැවැන්ත යුද අභ්‍යාසයක්


නේටෝ සංවිධානය වසර 30කට පසු නෝර්වේහි දී සිය යුද ශක්තිය පිළිඹු කිරීම සඳහා දැවැන්ත යුද අභ්‍යාසයක් පවත්වා ඇත.

 ඔපරේෂන් කෝල්ඞ් රෙස්පොන්ස් නමින් හඳුන්වන මෙම යුද අභ්‍යාසයට 39000ක බළසේනාවක් යුද නැව් 50ක් සහ ප‍්‍රහාරක යානා 200ක් සම්බන්ධ වී තිබේ. මෙම දැවැන්ත යුද අභ්‍යාසයට බි‍්‍රතාන්‍යයයේ ප‍්‍රින්ස් ඔෆ් වේල්ස් නැමැති ගුවන් යානා ප‍්‍රවාහන නෞකාව ද එක් වී ඇත. මෙකී යුද අභ්‍යාසය පවත්වා ඇත්තේ රුසියානු දේශ සීමාවේ සිට කිලෝ මීටර් 200ක් ඈතිනි.

 රටවල් 28ක් මෙම යුද අභ්‍යාසයට දායක වී ඇත. රියර් අද්මිරාල් මයික් දව්ලිගේ මෙහෙය වීම මත මෙම යුද අභ්‍යාසය පවත්වා තිබේ. එම යුද අභ්‍යාසයට සහභාගී වෙමින් සිටි ඇමෙරිකානු ඔස්පේ‍්‍ර යානාවක් කඩා වැටීමෙන් මැරීන් භටයන් සිව්දෙනෙක් මරුමුවට පත් වී තිබේ.

 එම ඇමෙරිකානු යානාව පුහුණු වීමේ මෙහෙයුමක නිරත වී සිටි බව හෙළි වී ඇත.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment