රුසියානු ප්‍රහාරයක් අපේක්ෂාවෙන් යුක්‍රේනය නිදහස් සැමරුම් නවත්වයි

246

රුසියානු හමුදාවන්ගෙන් ප්‍රධාන පෙළේ ප්‍රහාරයක් එල්ල වෙතැයි බියෙන් අද (24දා) දිනට යෙදී ඇති යුක්‍රේනයේ 31 වැනි නිදහස් දිනය සමරා එහි අගනුවර වන කිව් නගරයේ උත්සව පැවැත්වීම හා විශාල පිරිස් ඒකරාශී වීම බලධාරීන් විසින් තහනම් කර තිබේ. කිව් නගරයේ විශාල වශයෙන් පිරිස් ඒකරාශීවීම සම්බන්ධයෙන් පනවා ඇති තහනම මෙම සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ක්‍රියාත්මක වන බව යුක්‍රේන බලධාරීන් විසින් නිවේදනය කර තිබේ.

වසර 31කට පෙර රුසියාවෙන් බිඳී ගොස් ස්වාධීන රාජ්‍යයක් වූ යුක්‍රේනයේ නිදහස් සැමරුම ඉලක්ක කරගනිමින් අද දිනයේ රුසියානු හමුදාවන් විසින් ඉතාමත් අප්‍රසන්න යමක් සිදු කරනු ඇති බවට යුක්‍රේන ජනාධිපති ව්ලැදීමීර් සෙලෙන්ස්කි ජනතාවට අනතුරු අඟවා තිබේ.

යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය විසින් කිව් නගරයේ හමුදාව ඕනෑම ප්‍රහාරයකට මුහුණ දීම සඳහා සීරුවෙන් තබා ඇති අතර මිසයිල හෝ බෝම්බ ප්‍රහාරයන් වැනි ඕනෑම

ප්‍රහාරයකට ප්‍රති ප්‍රහාර එල්ල කරන ලෙස හමුදාවට උපදෙස් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment