රුසියානු ප්‍රහාරයන් හේතුවෙන් යුක්රේනයේ මිලියන 4.5ක් අඳුරේ

184

රුසියානු හමුදාවන් විසින් යුක්රේනයේ බලශක්ති ජාලයට පහර දීම හේතුවෙන් යුක්රේන ජාතිකයන් මිලියන 4.5 කට විදුලිය නොමැතිව අඳුරේ සිටීමට සිදුව ඇතැයි යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ. රුසියාව විසින් යුක්රේනයේ බලශක්ති ජාලය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරයන් බලශක්ති ත්‍රස්තවාදයක් ලෙස යුක්රේන ජනාධිපතිවරයා හඳුන්වා දී තිබේ.

ඉකුත් සති කිහිපය තුළ රුසියානු හමුදා විසින් යුක්රේනයේ විදුලි බලාගාර ඉලක්ක කරගනිමින් මහා පරිමාණයේ මිසයිල් හා ඩ්‍රෝන යානා ප්‍රහාර එල්ල කර තිබිණි. ඉකුත් මාසය අවසන් වන විට යුක්රේනයේ පිහිටි විදුලි බලාගාරවලින් තුනෙන් එකක් රුසියානු හමුදා ප්‍රහාරයන් හේතුවෙන් විනාශ වී ගොස් තිබූ බව යුක්රේන බලධාරීහු පවසති. පවතින තත්ත්වය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස බලධාරීහු ජනතාවට දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment