රුසියානු ප්‍රහාරවලින් යුක්රේන භටයන් 13,000ක් මියගිහින්

286

රුසියානු හමුදා විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු දෙපාර්ශ්වය අතර හටගත් සටන්වලින් මේ දක්වා යුක්රේන හමුදා භටයන් 10,000ත් 13,000ත් අතර සංඛ්‍යාවක් මියගොස් ඇති බව යුක්රේන ජනාධිපති වොලොදීමීර් සෙලෙන්ස්කිගේ උපදේශකයකු වන මයිකයිලෝ පොඩෝලීයක් පවසා තිබේ. රුසියානු හමුදා විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුක්රේන රජයේ නිලධාරියකු විසින් සටන්වලින් මියගිය යුක්රේන භටයන් සම්බන්ධයෙන් නිශ්චිත සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැළකේ.

කෙසේ වුවද යුක්රේන ජනාධිපතිවරයාගේ උපදේශකවරයා විසින් ඉදිරිපත් කර ඇති රුසියානු -යුක්රේන හමුදා භටයන් අතර හටගත් ගැටුම්වලින් මියගිය හමුදා භටයන්ගේ සංඛ්‍යාව තහවුරු කිරීමට යුක්රේන ආරක්ෂක අංශ විසින් මෙතෙක් පියවර ගෙන නොමැත. ඉකුත් ජුනි මාසයේදී පොඩෝලීයක් පවසා තිබුණේ රුසියානු – යුක්රේන හමුදා භටයන් අතර ඇති වී තිබෙන සටන්වලින් දිනපතා යුක්රේන හමුදා භටයන් 100-200 අතර සංඛ්‍යාවක් මියයන බවකි. ජ්‍යෙෂ්ඨතම ඇමෙරිකානු හමුදා ජෙනරාල්වරයා වන මාක් මිලි ඉකුත් මාසයේදී පවසා තිබුණේ සටන් ඇවිලුනුදා පටන් රුසියානු හමුදා භටයන් ලක්ෂයක් හා යුක්රේන හමුදා භටයන් ලක්ෂයක් මියයන්නට හෝ තුවාල ලබන්නට ඇති බවයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment