රුසියානු ප‍්‍රහාරවලින් වැඩියෙන් මිය ගොස් ඇත්තේ සිවිල් වැසියන් – යුක්රේන ආරක්ෂක ඇමැති

238

රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීම ඇරඹීමෙන් පසු රුසියානු හමුදා ප‍්‍රහාරවලින් සෙබළුන්ට වඩා මිය ගොස් ඇත්තේ යුක්රේනයේ සිවිල් වැසියන් බව යුක්රේන ආරක්ෂක ඇමැති ඔලෙක්සි රෙස්නිකොව් පවසා තිබේ.

රුසියානු හමුදාවන් විසින් වැඩි වශයෙන් ප‍්‍රහාර එල්ල කර ඇත්තේ යුක්රේනයේ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන බව පවසා ඇති යුක්රේන ආරක්ෂක ඇමැතිවරයා තමා මෙය පවසනුයේ යුක්රේනයේ අගනුවර වන ‘කිව්’ නගරයට පමණක් නොව මුළු ලොවටම ඇසෙන්නට බව සඳහන් කර තිබේ. මෙතෙක් අගනුවර කිව් හා වෙනත් ප‍්‍රධාන නගර ඉලක්ක කරගෙන ප‍්‍රහාර එල්ල කරමින් සිටි රුසියානු හමුදාවන් ඊයේ (11දා) දිනයේ තවත් නගර 3ක් ඉලක්ක කරගෙන ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමෙන් පසු යුක්රේන ආරක්ෂක ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ. ඩිනිප්රෝ, ලූට්ස්ක් හා ඉවානෝ – ෆ‍්‍රෑන්කිව්ස්ක් යන නගර ඉලක්ක කරගෙන රුසියානු ගුවන් ප‍්‍රහාර එල්ල වී තිබූ අතර එම ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් දෙදෙනකු මිය ගොස් ඇති බව ඊයේ දහවල් වන විට වාර්තා වී තිබිණි.ිමේ අතර යුක්රේන මන්ත‍්‍රීවරියක් වන ඉන්නා සොවුසන් පවසා ඇත්තේ ඊයේ දිනයේ තවත් නගර තුනකට රුසියානු ගුවන් ප‍්‍රහාර එල්ල වීමෙන් පෙනී යනුයේ යුක්රේනයේ කිසිදු නගරයක් ආරක්ෂිත නොවන බවය. ඇය විසින් බී.බී.සී. සේවය සමග පැවැත්වූ සාකච්ජාවකදී පවසා ඇත්තේ රුසියාව යුක්රේනය ආක‍්‍රමණය කිරීමෙන් පසු ගත වූ සති දෙකක කාලයේදී යුක්රේන වැසියන් දිනකට පැය තුනකට වඩා වැඩි වේලාවක් නිදාගත්තේ කලාතුරකින් බවයි.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment