රුසියානු බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විම්බල්ඩන් තහනම් වෙයි

169

රුසියාව යුක්රේනය තුළ සිදු කරන ආක්‍රමණකාරී ක්‍රියා හේතුවෙන් රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවර විම්බල්ඩන් ටෙනිස් පිටිය තහනම් කලාපයක් බවට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ (20 වැනිදා) වාර්තා කළේය.

විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය ලබන ජුනි මස 27 වැනිදා සිට ජුලි මස 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ලොව අංක දෙකේ ටෙනිස් ක්‍රීඩකයා ලෙස මේ වනවිට ශ්‍රේණිගතව සිටින ඩැනිල් මෙඩ්වෙබෙව් රුසියාවේ සහ ලොව අංක හතර ටෙනිස් ක්‍රීඩිකාව ලෙස ශ්‍රේණිගතව සිටින අර්නා සබලෙන්කා බෙලරුසියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති. ඔවුහු මෙම තීරණයෙන් බලවත් පීඩාවට පත්ව සිටිති.

එංගලන්ත ටෙනිස් බලධාරීහු මෙම තීරණයට ඊයේ (20 වැනිදා) එළඹීය.

advertistmentadvertistment
advertistmentadvertistment