රුසියානු භටයන් 30,000ක් මරුට – කොයි මොහොතේ හෝ හමුදාව බිඳවැටෙයි බ්‍රිතාන්‍ය බුද්ධි වාර්තාවකින් හෙළි වෙයි

820

යුක්රේනයට එරෙහි ආක්‍රමණයෙන් රුසියානු භටයන් 30,000ක් මරුමුවට පත් වී ඇත. එහෙත් රුසියාව එම තොරතුරු වසන් කර තිබේ. මේ පසුබිම මැද රුසියානු හමුදාව කොයි මොහොතක හෝ බිඳවැටෙන බව බි්‍රතාන්‍ය රහස් වාර්තාවක් හෙළි කර ඇත. යුක්රේන ගැටුමින් රුසියානු සෙබළුන් 30,000ක් මිය ගිය බව රුසියානු ජනතාව ද නොදනී.

රුසියානු භටයන් 30,000ක් මරුට - කොයි මොහොතේ හෝ හමුදාව බිඳවැටෙයි බ්‍රිතාන්‍ය බුද්ධි වාර්තාවකින් හෙළි වෙයි

පසුගිය පෙබරවාරි 24 දා ආරම්භ වූ යුක්රේන ආක්‍රමණය නිසා මේ වනවිට යුද ටැංකි 1349ක් සන්නද්ධ රථ 205ක් රොකට් ප්‍රහාරක රථ 3282ක් යූ. ඒ. වී රථ 205ක් ප්‍රහාරක යානා 207ක් හෙළිකොප්ටර් 174ක් ගුවන් නාශක පද්ධති 93ක් ඉන්ටගු රථ 2258ක් විනාශ වී ඇත. මෙයට හේතු වී ඇත්තේ බටහිර රටවල් බලගතු අවි ආයුධ සැපයීමයි. මේ අතර යුක්රේනයට දිගටම අවි සපයන බව ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත.

සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment