රුසියානු මිසයිල ප්‍රහාරවලින් යුක්රේනයේ සුපිරි සාප්පු සංකීර්ණය වැනසෙයි – අටක් මරුට

688

යුක්රේන ආක්‍රමණයට මුල් වූයේ නේටෝ සංවිධානයයි
දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රම්පෝසා

රුසියානු සෙබළු 9861ක් මරුට

යුක්රේන ආක්‍රමණය ගැන පෙබරවාරි 18දා බුද්ධි අංශ
අනතුරු ඇඟවූවත් නේටෝ සංවිධානය තැකීමක් කර නැහැ

රුසියානු මිසයිල ප්‍රහාරවලින් යුක්රේනයේ සුපිරි සාප්පු සංකීර්ණය වැනසෙයි - අටක් මරුට

යුක්රේනයේ කිව් නුවර පිහිටි විශාලතම සුපිරි සාප්පු සංකීර්ණය රුසියානු මිසයිල ප්‍රහාරයකින් මුළුමනින්ම විනාශ වී ඇත. එහිදී සිවිල් වැසියන් අටක් මරුමුවට පත්වී තිබේ. රෙට්රෝවිල්ලේ නමැති මෙම සාප්පු සංකීර්ණය තුළ යුක්රේන හමුදා වාහන තිබූ බව රුසියාව චෝදනා කර ඇත.

එල්ල වූ මිසයිල ප්‍රහාරය නිසා සිවිල් වැසියන් රැසක් සුන්බුන්වලට යට වී ඇතැයි වාර්තා වේ. මේ අතර රුසියානු ජනපති පුටින් අපරාධකාරී ඒකාධිපතියකු යැයි ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් කළ ප්‍රකාශය ගැන මොස්කව්හි ඇමෙරිකානු තානාපති සුලිවන් කැඳ වූ රුසියානු බලධාරීන් තානාපති සබඳතා බිඳ දමන බවට තර්ජනය කර ඇත. බයිඩන්ගේ මේ ප්‍රකාශය පිළිගත නොහැකි බව රුසියානු රජය තවදුරටත් සඳහන් කර ඇත. මේ පසුබිම මැද රුසියාව තමන් සතු බලගතු ප්‍රහාරක අවියක් වූ ටී. ඕ. එස්. නමැති ගිනිදැල් විසුරුවන අවිය භාවිතා කරන බව තහවුරු වී තිබේ. මේ ප්‍රහාරක අවිය ඩොනෙට්ස් ප්‍රාන්තය වෙත ගෙනවිත් තිබියදී ඡායාරූප ගත වී ඇත. රුසියානු රජය ඊයේ ඇමෙරිකානු ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් වෙබ් අඩවිද තහනම් කර තිබේ. මෙම වෙබ් අඩවි ව්‍යාජ පුවත් විකාශනය කරන බව රුසියාව කියා සිටී.

රුසියානු මිසයිල ප්‍රහාරවලින් යුක්රේනයේ සුපිරි සාප්පු සංකීර්ණය වැනසෙයි - අටක් මරුට

පසුගිය පෙබරවාරි 25දා ආරම්භ වූ යුක්රේන ආක්‍රමණයෙන් රුසියානු භටයන් 9861ක් මියගොස් 16,653ක් තුවාල ලබා තිබේ. එහෙත් රුසියානු රජය පැවසුවේ තම භටයන් 498ක් මියගිය බවයි. යුක්රේන ආක්‍රමණයේදී මියගිය රුසියානු සෙබළුන් ගැන කොම්සොම් ලොස්නෙයා ප්‍රව්ඩා පුවත්පත තොරතුරු හෙළි කළත් පසුව එම තොරතුරු ඉවත් කර තිබේ. මේ අතර ඩොනෙට්ස් සහ ලුසාන්හක් ප්‍රාන්තවල සිටි දරුවන් 2500ක් රුසියානු රජය පැහැරගෙන ඇතැයි අනාවරණය වී ඇත. මෙම යුක්රේන දරුවන් සතු ලියකියවිලි ද පැහැර ගැනීමට ලක්වී තිබේ.

දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රම්පෝසා ද ප්‍රකාශයක් කරමින් යුක්රේන යුද්ධය ආරම්භ වූයේ නේටෝ සංවිධානය නිසා යැයි චෝදනා කළේය. නේටෝ සංවිධානය ව්‍යාප්ත කිරීමට ක්‍රියා කළා. නේටෝ නායකයන් මේ බව නේටෝ සංවිධානයට අනතුරු ඇඟවූවත් ඒ ගැන තැකීමක් කළේ නැහැ යැයි රම්පෝසා තවදුරටත් පළ කළේය. මේ අතර පෙබරවාරි 24 වැනිදා මුල්ම රුසියානු මිසයිල යුක්රේනයට එල්ලවීමත් සමගම ජර්මානු යුද නැව් පහක් ලැට්වියාව වෙත යාත්‍රාකර තිබේ.

රුසියානු මිසයිල ප්‍රහාරවලින් යුක්රේනයේ සුපිරි සාප්පු සංකීර්ණය වැනසෙයි - අටක් මරුට

නේටෝ සංවිධානයේ නැගෙනහිර කලාපය ආරක‍ෂා කිරීම සඳහා මෙම යුද්ධ නැව් ලැට්වියාවට පැමිණ ඇත. මේ වනවිට නේටෝ යුද නැව් 12ක් හා නැවියක් 600ක් බෝල්ටික් හි කීල් වරාය වෙත සම්ප්‍රාප්ත වී ඇත. රුසියානු යුක්රේන් ගැටුම නිමාකිරීමේ අරමුණින් ඊශ්‍රායලයේ ජෙරුසලම් නුවර සාම සාකච්ඡා පැවැත්වීමට තීරණය වී තිබේ. යුක්රේන ජනපති වොලඩමීර් සෙලෙන්ස්කි ඊට කැමැත්ත පළකර තිබේ. මෙම සාම සාකච්ඡාවලට රුසියානු නියෝජිත පිරිසක් සහභාගී වන අතර රුසියානු ජනපති පුටින් සහභාගී නොවන බව වාර්තා වේ.

සංස්කරණය
කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment