රුසියානු යානයකින් රුසියාවටම ප්‍රහාරයක්

313

අත්වැරදීමක් හේතුවෙන් රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් යුක්රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියාවට අයත් නගරයකට ප්‍රහාරයක් එල්ල කර ඇත.

රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇත්තේ බෙල්ගොඩ් නගරයට එම බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇති බවය.

ඉන් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි රැසකට ද හානි සිදුව ඇත.

ප්‍රහාරය හේතුවෙන් නගර මධ්‍යයේ මීටර් 20 ක පමණ පළලින් යුතු ආගාධයක්ද සෑදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment