රුසියානු යුක්රේන ගැටුමේ ජයග‍්‍රාහකයා ඇමරිකානු සහ යුරෝපා ආයුධ සමාගම්

1131

රුසියානු හමුදාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීම තවදුරටත් සිදු වේ. මේ නිසා 368,000කට අධික යුක්රේනියානුවන් අනාථ වී ඇත. යුක්රේන රජය පැවසුවේ රුසියානු හමුදා භටයන් 9000ක් මරුමුවට පත් වී ඇති බවයි. එහෙත් යුක්රේන ආක‍්‍රමණය නතර කිරීමට රුසියානු ජනාධිපති පූටින් සූ දානම් නැත. රුසියාවේ සහායට පැමිණි චෙච්නියානු නායකයාගේ 141 වැනි බළකාය සහ එහි ප‍්‍රධානියා වූ මොගටොව් ටුෂයාකෝ මරුමුවට පත් වී ඇත.

මේ අතර යුරෝපා සංගමයේ සියලූ රටවල් තම ගුවන් කලාප වසා දමා තිබේ. යුක්රේනියානු රජය ඊයේ ප‍්‍රකාශයක් කරමින් රුසියාව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයන ලෙස ඉල්ලා තිබේ. එහෙත් ඒ ගැන මෙතෙක් ප‍්‍රතිචාරයක් පළවී නැත. මේ පසු බිම මැද යුරෝපා රටවල් රැසක් යුක්රේනයට නවීන අවි ආයුධ සපයා තිබේ. ඇමරිකාව සැපයූ යුද ටැංකි නාශක මිසයිලවලින් රුසියාවේ බලගතු ප‍්‍රහාරක අවිය වූ උරගන් රොකට් රථ රැසක් විනාශ වී ඇත.

මේ අතර යුක්රේනියානු රජය පැවසුවේ රුසියානු හමුදා එරට තෙල් සහ ගෑස් බලාගාර විනාශ කරන බවයි.

රුසියාවේ යුක්රේන් ආක‍්‍රමණයට අද වනවිට නවදිනක් ගත වී ඇති අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ආක‍්‍රමණය නතර කිරීමට නො හැකි වී තිබේ. රටවල් රැසකින් සමන්විත නේටෝ සංවිධානය තවදුරටත් බලා සිටින බවට ද චෝදනා එල්ල වී ඇත.

රුසියාවේ ඔතර්ඩොක්ස් පල්ලියේ ආගමික නායකයා ද යුක්රේනය යක්ෂ බලවේගයක් බවට චෝදනා කර තිබේ.

ඇමරිකානු රජය ද යුක්රේන ජනපති වැලෙන්ස්කි වෙත අනතුරු අඟවමින් ඇමරිකාවට පලාඑන ලෙස ඉල්ලා ඇතත් ඔහු එය ප‍්‍රතික්ෂේප කර ඇත.

යුක්රේන් ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ කිව් අගනුවර බිහිසුණු සටන් පවතින බවයි.

මේ තත්ත්වය මැද යුක්රේන් අර්බුදය අවසන් වේද?

තත්ත්වය තවත් උග‍්‍ර කරමින් යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

එසේම බලගතු යැයි පවසන නේටෝ සංවිධානය පැරණි සෝවියට් ප‍්‍රාන්තවලට තම හමුදා බළකායන් කීපයක් ඒවා බලා සිටී. මෙයට වසර කීපයකට පෙර ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යය එක්වී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට නො දන්වා ඉරාකය ආක‍්‍රමණය කළේය. ඉන්පසු ලිබියාව ආක‍්‍රමණය කර කර්නල් ගඩාෆි මරා දැමීය. ඉරාක ජනපති සදාම් හුසෙන් එල්ලා මරා දැම්මේය. මේ දීන කි‍්‍රයා කරන තුරු මුළු ලොව ම බලා සිටියේය. ඊට පෙර ඇමරිකාව සහ යුරේපා රටවල් යුගොස්ලාවියානු නායකයාව සිටි මාෂල් ටිටෝගේ යුගොස්ලාවියාව කැබලි කීපයකට කඩා දැමීය.

ඒ අනුව මොන්ටිනිග්රෝ මැසිඩෝනියා සහ සර්බියාව ස්ලෝවේනියාව සහ ස්ලෝවේකියාව යන රටවල් බිහි විය.

ඉන්පසු ඇමරිකාව විසින් සර්බියාවට එරෙහිව නේටෝ ආක‍්‍රමණය මෙහෙයවනු ලැබීය. එහිදී සිදුවූයේ සර්බියාවේ ප‍්‍රාන්තයක් වූ කොසාවෝ නමින් රටක් බිහි වීමයි.

මේ අතීතය බටහිර යුද විචාරකයන් යැයි පවසන පාර්ශ්වවලට අමතක වී ඇත.

රුසියාව විසින් පැරණි සෝවියට් ප‍්‍රාන්ත තම ග‍්‍රහණයට නතු කරගැනීම සඳහා දියත් කළ රහසිගත මෙහෙයුම යුක්රේන ආක‍්‍රමණය යි. පැරණි සෝවියට් ප‍්‍රාන්ත වූ ලැට්බියාව, ලිතුවේනියාව, එස්ටෝනියාව වැනි රටවල් ද බටහිර කඳවුරට එක්වී සිටී. මේ පසුබිම මැද යුක්රේනය මුහුණ පා සිටින බිහිසුණු තත්ත්වයට වගකිවයුතු වන්නේ එරට රූපවාහිනියේ විකට චරිත මැවූ සෙලෙන්සිකීය. ඔහු පරිපූර්ණ දේශපාලනඥයකු නොවේ. එරට ජනතාව සෙලෙන්ස්කි රටේ නායකයා ලෙස පත් කරගැනීම ඔවුන්ට ම පාරාවළල්ලක් විය. රුසියාව බලවත් රටකි. රුසියාව සතු නවීන අවි ආයුධ රැසකි. උරගන් සහ එම් වී ආර් එල් රොකට් යන්ත‍්‍ර සහ විවිධ මිසයිලවලින් සන්නද්ධ රුසියාව න්‍යෂ්ටික බළකායකින් ද සන්නද්ධ වී සිටී. මේ ගැටුමේ වින්දිතයා යුක්රේනියානු සිවිල් ජනතාව සහ රුසියානු හමුදා භටයන්ය. රුසියානු සහ යුක්රේනියානු මවුවරුන්ට යුද සේවයට බැඳුණු තම පුත‍්‍රයන් ගණනාවක් ම අහිමි වී ඇත.

මෙහි දී බටහිර රටවල් යුක්රේනය බේරා ගැනීමට තම හමුදාව යැව්වේ නැත. ඒ වෙනුවට කළේ සම්බාධක පැනවීමයි. එහෙත් එම සම්බාධකවලින් රුසියාව නතර කළ හැකිද? ඇමරිකාව ලෝක පොලිස්කාරයා වීමට යළිත් වරක් දරන උත්සාහයේ ප‍්‍රතිඵලය සිවිල් ජනතාව මරුමුවට පත් වීමයි. කොරෝනා වසංගතය අවසාන වී නැති අවස්ථාවක දේශපාලකයන් විසින් ගනු ලබන අඥාන තීිරණ නිසා විපතට පත් වී ඇත්තේ සිවිල් ජනතාව යි. අද වනවිට රුසියානු යුක්රේන ගැටුමට දින 10ක් සපිරේ.

එහෙත් නමට පමණක් කි‍්‍රයාත්මකවන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය බලවත් රටවල්වලට එරෙහි දැඩි පියවරක් ගැනීමට අසමත් වී ඇත.

එහි ප‍්‍රතිඵලය සිවිල් වැසියන් යුද ප‍්‍රහාරවලින් ඝාතනය වීමය. යුක්රේන සිවිල් වැසියන් 352ක් ද ළමුන් 14ක් ද මේ වනවිට මරුමුවට පත් වී ඇත. ඊට අමතරව රාජ්‍ය යාන්ත‍්‍රණය ද ගුවන් තොටුපළවල් 11ක් විනාශ වී තිබේ.

මෙයට වසර ගණනකට පෙර චෙච්නියාව, රුසියාවෙන් වෙන්වී වෙනත් රටක් වීමට දැරූ උත්සාහය රුසියාව බරපතළ ලෙස මර්දනය කළේය.

මෙවර යුක්රේන අර්බුදය නේටෝ සංවිධානයට සම්බන්ධ වීමට දැරූ උත්සාහය යි. යුක්රේනය වෙනම රටක් වූයේ සෝවියට් දේශයෙන් වෙනම රටක් බවට පත් වීමයි. එහෙත් යුක්රේන හිටපු ජනපති පොරශෙන්කෝ මෙන්ම වත්මන් ජනපති ද බටහිරට ගැති රූකඩ බවට පත් විය. එහි විපාකය විඳීමට සිදුවූයේ ජනතාවට ය.

මේ අතර ඇමරිකාවේ වත්මන් නායක ජෝ බයිඩන් දුර්වල පාලකයෙක් බව යුක්රේන් ගැටුමෙන් තහවුරු විය.

හිටපු ජනපති ට‍්‍රම්ප් ද ඒ බව සනාථ කර තිබිණි.

බයිඩන් ඇෆ්ගනිස්තානයට ඇමරිකානු හමුදාව ඉවත් කර එම රට තාලිබාන් ත‍්‍රස්තවාදීන්ට පාවා දුන්නේය. රුසියාව වසර ගණනක් ඇෆ්ගනිස්තානයේ හමුදාව රඳවා සිටි නමුත් තවදුරටත් යුද්ධය ගෙන යෑමට නො හැකි නිසා පිටව ගියේය. මේ අතීත පාඩම් කිසිම රටක් ඉගෙන ගෙන නැත. රුසියාව දියත් කළ යුක්රේන ගැටුමට ගෙන ආවේ විනාශ යයි. එය රටේ සිවිල් වැසියන්ට බලපෑවේය.

මේ හැර රුසියාවේ ජනතාවට ද යුද්ධය බලපා ඇත. එහෙත් රුසියාවේ රූබල් මුදල් ව්‍යවහාරය අරාජික වී ඇත. විදේශ මුදල් හුවමාරුවට අදාළ ස්විප්ට් ක‍්‍රමයෙන් රුසියාව ඉවත් කෙරිණි. රුසියානු ව්‍යාපාරිකයන්ට ද කී‍්‍රඩකයන්ට ද තහනම් පැනවුණි. මේ පසුබිම මැද බටහිර රටවල් රුසියාව කොන් කරන තත්ත්වයක් උදා කළහ.

එහෙත් යුද්ධය නතර වී නැත. දිගට ම යුද මෙහෙයුම කි‍්‍රයාත්මක වන අතර විනාශකාරි කි‍්‍රයා නොකඩවා සිදු වේ.

මේ තත්ත්වය මත ලෝක ජනතාවට න්‍යෂ්ටික බියක් දැනී ඇත. ඒ රුසියානු නායකයා වූ පුටින් සිය න්‍යෂ්ටික බළකාය සීරුවෙන් තබා න්‍යෂ්ටික සබ්මැරීන් යුද අභ්‍යාසවල යෙදවීම යි. යුද ගැටුමින් රුසියානු සෙබළුන් 9000ක් මියගොස් ඇති බව යුක්රේනය පැවසුවත් රුසියාව ඊට අදාළ තොරතුරු අනාවරණය කර නැත.

මේ අතර යුක්රේනයේ කිව් අගනුවර පිහිටි අඩි 1300ක් උසැති රූපවාහිනි සම්පේ‍්‍රක්‍ෂණ කුලූනට රුසියානු මිසයිල ප‍්‍රහාරයක් එල්ලවීමෙන් රූපවාහිනි විකාශන නතර වී ඇත. මෙම සම්පේ‍්‍රෂණ කුලූන සමීපයේ පිහිටි යුදෙව්වන් 34,000ක් සැමරීමේ ස්මාරකයට ද බරපතළ හානි සිදු වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment