රුසියානු යුවලකට ශී‍්‍රලංකන් මංකොල්ලයක්

233

රුසියානු තරුණ යුවලකට අයත් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් මුදලක් , ඇපල් ජංගම දුරකථනය සහ ජාත්‍යන්තර වශයෙන් වටිනාකමක් ඇති ලියකියවිලිද අඩංගු ගමන් මල්ල ඊයේ (23) රාත‍්‍රි කොල්ලකා පලාගිය පුද්ගලයෙකු එදිනම රාත‍්‍රි අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය සමත්ව ඇත .

රුසියානු ජාතික අන්තර්නියා වේගිනියා නමැති කාන්තාවක විසින් එදින රාත‍්‍රි 9.30 ට පමණ කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන් වේ.

යුවල කළුතර පලාතොට මාර්ගයේ ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැම්ණි පුද්ගලයෙකු විදේශ යුවලට හස්ත සංඥාවකින් ආචාර කර ඇති අතර , පෙරලා ඔවුන් ආචාර කිරීමේදී ගමන් මල්ල කොල්ලකා පලාගොස් ඇති බවට ව්දෙස් කත සදහන් කර ඇතැයිද පොලිසිය කියයි .

advertistmentadvertistment
advertistmentadvertistment