රුසියානු රජය ඇමරිකානු ජනපති ඇතුළු 13කට සම්බාධක පනවයි

411

ඇමරිකානු රජය රුසියානු ජනපති  යුද අපරාධකරුවකු ලෙස නම්කරයි
 
 *  රුසියානු රූපවාහිනී විකාශනයක යුද විරෝධි පොස්ටරයක් පෙන්නුම් කළ කතුවරියට රූබල් 30000ක දඩයක්
 
 *  සැබෑමිතුරන් කව්දැයි හඳුනාගන්න යුක්රේන ජනපති
 
 *  සී අයි ඒ ප‍්‍රධානියාටත් තහංචි
 
 *  ඇමරිකානු සහ බි‍්‍රතාන්‍යය හිටපු භටයන් යුක්රේන භටයන්ට අවි පුහුණුව දෙයි

රුසියානු රජය ඇමරිකානු ජනපති ඇතුළු 13කට සම්බාධක පනවයි

රුසියානු රජය ඇමරිකානු ජනපති ජෝබයිඩන් ඇතුළු ඇමරිකානු දේශාපාලන ප‍්‍රබලයන් 13කට සම්බාධක පනවා ඇත. මෙලෙස සම්බාධක පනවා ඇත්තේ රාජ්‍ය ලේකම් ඇන්තනි බිලින්කන් – ආරක්‍ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින්, ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානි මාර්කි බිලි – ජාතික ආරක්‍ෂක උපදේශක ජැක් සුලිවන් – සී අයි ඒ ප‍්‍රධානී බිල් බර්න්ස් – ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජේන් පසාකි නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක දලිප් සිං, යූ එස් ඒඞ් පරිපාලක සමන්තා පවර් – ජනපති බයිඩන්ගේ පුත‍්‍ර ගන්ටර් බයිඩන් හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් – භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වැලි අබේසේඩෝ සහ ඇමරිකානු අපනයන ආනයන බැංකුවේ ප‍්‍රධානී ජේටා ඞී දුවිස් යන පිරිසටයි.

 මෙයට ප‍්‍රතිචාර ලෙස ඇමරිකානු කොංග‍්‍රස් සභාව රුසියානු ජනපති ව්ලැඩමිර් පුටින් යුද අපරාධකරුවකු ලෙස යෝජනාවක් සම්මත කර ඇත.

 මේ අතර යුක්රේන් යුද්ධයට තවත් මාධ්‍යවේදීන් දෙදෙනකු ද බිලිවී තිබේ.

 ඒ පොක්ස් නිව්ස් කැමරාශිල්පී පියරේ සකර් සෙව්ස්කි සහ යුක්රේන මාධ්‍යවේදී ඔලෙන්සැන්ද්‍රා ශාෂා කුවේෂයිනෝවායි වේ. යුක්රේනයෙන් පිටත කයිව් නගරයට තදාසන්න ස්ථානයකදී ඔවුන් ගමන් කළ වාහනයට වෙඩි තැබීමක් සිදුවී ඇත.

 එහිදී බි‍්‍රතාන්‍යය මාධ්‍යවේදී බෙන්ජමින් ගෝල් ද තුවාල ලබා තිබේ. පොක්ස් නිව්ස් මාධ්‍යවේදීන් දෙදෙනාගේ මරණ යුක්රේන ආරක්‍ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇත.

 මෙයට පෙර ඇමරිකානු මාධ්‍යවේදියකු ද මරුමුවට පත්විය. පසුගිය පෙබරවාරි 24 වැනිදා ආරම්භ වූ යුක්රේන යුද්ධය නිමාකිරීම සඳහා රුසියාව එකඟනොවන බව යුක්රේන රජය ඊයේ පළ කළේය.

 මේ නිසා යුක්රේන ජනපති වොලඩමිර් සෙලෙන්ස්කි ලබන අපේ‍්‍රල් මස දක්වා එරට යුද නීතිය ප‍්‍රකාශයට පත්කර තිබේ.

 මෙම රුසියානු ආක‍්‍රමණයට එරෙහිවූ රුසියානු චැනල් වන් රූපවාහිනියේ කතුවරියක්වූ මරියා මවන් නෝවා සජිවි රූපවාහිනි ප‍්‍රචාරයකදී යුද්ධයට එරෙහි බැනරයක් ප‍්‍රදර්ශනය කිරීමේ චෝදනාව මත රූබල් 30000 ක දඩයක් නියම විය. එය ඩොලර් 280කට සමාන මුදලකි.

 මේ අතර ඇමරිකානු සහ බි‍්‍රතාන්‍යයේ හිටපු විශේෂ සේවා බළකාභටයන් පිරිසක් ද යුක්රේන භටයන් පුහුණු කරන බව අනාවරණය වී ඇත.

 ස්විට්සර්ලන්ත රජය ද එරට ස්විස් බැංකුවල තිබූ ස්විස් ප‍්‍රැන්ක් බිලියන 7879ක අතිවිශාල මුදලක් තහනම් කර තිබේ.

 මෙවන් පසුබිමක් මැද යුක්රේන් ජනපති සෙලෙන්ස්කි පැවසුවේ යුක්රේනය කිසිදු ලෙසකින් නේටෝ සංවිධානයට සම්බන්ධ නොවන බවයි.

 යුක්රේනයේ චොර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරය ද න්‍යෂ්ටික අනතුරකට මුහුණ පා ඇති බවට වාර්තා වේ.

 එහි සිටින 100 කගෙන් යුත් කාර්ය මණ්ඩලය ද රුසියානු භටයන් විසින් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන තිබේ.

 මේ බව ස්ලාට‍්‍රම් නගරාධිපති යූරි පෝව්ඬේව් හෙළිකර තිබේ. අක‍්‍රිය කර ඇති චර්නෝ්බිල් බලාගාරයෙන් විකිරණ පිටනොවීම ස`දහා නිරතරුවම දැඩි ශීත තත්ත්වයකින් තබාගත යුතු බව හෙතෙම පළ කළේය.

 මේ අතර යුක්රේනයේ සැබෑ මිතුරන් කවුදැයි යුක්රේනය දැන් තේරුම් ගෙන ඇතැයි ජනපති සෙලෙන්ස්කි කියා සිටියේය.

 ඔහු මේ බව පැවසුවේ කයිව් නගරයට පැය 36ක් තිස්සේ රුසියානු බෝම්බ වර්ෂාවක් එල්ල වීම නිසාය.

 අපි බටහිර සන්ධානයකට එක්වන්නේ නැහැ. ජනපති පුටින් අපේ හඬට සවන්දී සාම සාකච්ඡුාවලට දොර විවෘත කළ යුතුයි. යුක්රේන ජනපති සෙලෙන්ස්කි තවදුරටත් සඳහන් කළේය.

 එසේම යුක්රේනයේ අහස් කලාපය තහනම් ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලෙස සෙලෙන්ස්කි කැනඩා පාර්ලිමේන්තුව අමතමින් දක්වා ඇත.

 දින 21 ක් තිස්සේ තවදුරටත් ඇදීයන යුක්රේන ගැටුමේදී මෙතෙක් එරට ප‍්‍රධාන නගර 10න් රුසියාව අල්ලා ගෙන ඇත්තේ එක් නගරයක් පමණි.

 මෙම යුක්රේන නගරවලින් දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇත්තේ කළු මුහුද අසල පිහිටි මරියු පොල් නගරයයි.

 පසුගිය මාර්තු 1 දා සිට මරියු පොල් නගරයේ ජලය ආහාර සහ විදුලිබලය නැති තත්ත්වයකට පත්ව ඇත.

 සෑම දිනකම වාහන 4000ක් මෙම නගරයෙන් පිටට යන බව වාර්තාවේ. මේ අතර කයිව් නගරයේ තෙදිනක ඇ`දිරි නීතිය පනවා තිබේ.

 එහෙත් කයිව් නගරයේදී ජනපති සෙලෙන්ස්කි පෝලන්ත අගමැති සහ ස්ලෝවකියා අගමැති සමග ද සාකච්ඡුාවක් පවත්වා ඇත.

 යුක්රේනය අනතුරුදායක තත්ත්වයක් මතුවී ඇතැයි හෙතෙම එම අගමැතිවරුන් අමතා පළ කළේය.

 රට ඉතාමත් අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇතැයි යුක්රේන ජනපතිවරයා කියා සිටියේය.

 මේ අතර බි‍්‍රතාන්‍ය රජය අලූතින් සම්බාධක 300ක් රුසියාවට පනවා ඇත.

රුසියානු හමුදාවේ  සිව්වැනි ජනරාල් මරුට

 රුසියානු හමුදාවේ යාන්ති‍්‍රක බල සේනාවේ ප‍්‍රධානියා වූ මේජර් ජනරාල් ඔලේග් මිටියාවෙව් යුක්රේන ප‍්‍රහාරයකින් මරුමුවට පත් වී ඇත.

 ඔහුට අමතරව ජනපති පුටින්ගේ ස්වාට් බලකායේ භටයන් 7 ක් මියගොස් තිබේ.

 මරුමුවට පත් සිව්වැනි මේජර් ජනරාලවරයා ඔලේග්ය.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment