රුසියානු රොකට් ප‍්‍රහාරයෙන් යුක්රේන අශ්ව ඉස්තාලයේ අසුන් 32ක් දැවී මරුට

466

ග්‍රෝන් ෆ‍්‍රි සම්මානලත් කැසෙන්ඩ‍්‍රා සහ පාකිස්තාන් නැමැති අසුන්ද මියයති

 රුසියානු ප‍්‍රහාරක හෙලිකොප්ටර්යානා එල්ල කළ ප‍්‍රහාරවලින් යුක්රේනයේ හොස්මෝටොල් නගරයේ පිහිටි අශ්ව ඉස්තාලය විනාශ වී ඇත.

 එහි සිටි ප‍්‍රකට අසුන් 32ක් දැවි මරුමුවට පත් වී තිබේ. මෙම ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ ග්‍රෝන්ෆ‍්‍රි සම්මාන හිමිකරගත් සාෂා කැසෙන්ඩ‍්‍රා සහ පාකිස්තාන් යන අසුන් සිටි බව හෙළි විය. තවත් අසුන් අටදෙනෙක් දිවි ගලවා ගෙන තිබේ. මෙම අශ්ව ඉස්තාලයට රොකට් ප‍්‍රහාර එල්ල වීම ගැන ප‍්‍රදේශවාසීන් පැවසුවේ මෙම සම්මානලාභී අසුන් ඝාතනය කිරීම බිහිසුණු අපරාධයක් බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment