රුසියානු සංචාරකයෝ 412 ක් ගුවනින් මත්තලට

161

සංචාරක මගීන් 412 දෙනකු රැගත් රුසියානු රෙඩ් වින්ග්ස් aia Red wings ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ඊයේ (29 දා) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේය.

මොස්කව් නුවර සිට පැමිණි මෙම බෝයිං 777 වර්ගයට අයත් ගුවන් යානය පෙරවරු 9.00 ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩ බෑවේය.

මෙම ගුවන් සමාගම සතියකට දෙවරක් මොස්කව් සහ මත්තල අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ඇත.

ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණි මෙම ගුවන් යානය සහ සංචාරක මගීන් පිළිගැනීම සඳහා වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය.

ගුවන් යානය මත්තල ගුවන්තොටුපළ ධාවන පථය වෙත පැමිණි මොහොතේ ගිනි නිවන රථ දෙකක් මගින් සම්ප්‍රදානුකූලව ජල ආචාර ලබාදෙමින් පිළි ගන්නා ලදී.

මෙම අවස්ථාවට ගුවන්තොටුපළ සමාගමේ සභාපති ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා ඇතුළු ගුවන් තොටුපළ නිලධාරීහු පිරිසක්ද පැමිණ සිටියහ.

මත්තල දිලිප් – එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment