රුසියානු හමුදාව එස්ටෝනියාවට  ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරනවා – එස්ටෝනියා ආරක්ෂක ඇමැති නේටෝ සංවිධානයට කියා සිටී

880

රුසියානු රජය එස්ටෝනියාවටත් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරන බව එරට ආරක්ෂක ඇමැතිවරයා අනතුරු අඟවා ඇත.

රුසියානු හමුදාව එස්ටෝනියාවට  ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරනවා - එස්ටෝනියා ආරක්ෂක ඇමැති නේටෝ සංවිධානයට කියා සිටී


නේටෝ සංවිධානයට සම්බන්ධ එස්ටෝනියාව පැරණි සෝවියට් ප්‍රාන්තයකි. රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටරයක් එස්ටෝනියා අහස් කලාපයට ඇතුළුවීම ගැන ද එස්ටෝනියා රජය ජාත්‍යන්තර ප්‍රජාවට හෙළි කර තිබේ.

 නේටෝ සමුළුව ආරම්භ වීමට ආසන්නව තිබියදී රුසියාවේ මෙම ක්‍රියාකලාපය ගැන නේටෝ සංවිධානය අවධානයට ලක් කළ යුතු බව ද එස්ටෝනියානු රජය කියා සිටියේය.

 මේ අතර කැලිනින්ග්‍රාස්ට් ප්‍රදේශයට යුරෝපා භාණ්ඩ සැපයීම නතර කිරීමට ගත් පියවර අහෝසි කරන ලෙස රුසියාව යුරෝපා රටවලින් ඉල්ලා ඇත. යුක්රේන යුද්ධය ද තවදුරටත් ක්‍රියාත්මක වන අතර රුසියානු හමුදාවේ 55 වැනි කර්නල්වරයා මරුමුවට පත් වී ඇත.

 පසුගිය පෙබරවාරි 24 දා ආරම්භ වූ යුක්රේන ගැටුමින් රුසියානු භටයන් 33000 ක් මියගිය බව නිල වාර්තාවල දැක්වේ.

 එසේම සන්නද්ධ රථ 1477 ක්, යුද ටැංකි 749 ක්, එම් බී ආර් එල් රථ 238, හෙලිකොප්ටර් 189 සහ ප්‍රහාරක යානා 216 ක් ද විනාශ වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment