රුසියානු හමුදා ප‍්‍රහාරවලින් බොරෝඩ්යන්කා නගරයට දැඩි හානි

595

රුසියානු හමුදා විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීමෙන් පසු එල්ල කරන ලද ෂෙල් වෙඩි හා බෝම්බ ප‍්‍රහාරවලින් බොරෝඩ්යන්කා නමැති නගරයට යුක්රේනයේ සෙසු නගරවලට වඩා වැඩි හානියක් සිදුව ඇති බව වාර්තා වී තිබේ.

රුසියානු හමුදා ප‍්‍රහාරවලින් බොරෝඩ්යන්කා  නගරයට දැඩි හානි

රුසියානු හමුදාවන් අතට පත් වීමෙන් පසු නැවත යුක්රේන හමුදා විසින් අත්පත් කරගත් එම නගරයට රුසියානු හමුදා විසින් එල්ල කර තිබූ ෂෙල් වෙඩි ප‍්‍රහාරයන් හේතුවෙන් සිවිල් වැසියන් වාසය කළ නිවාස ගොඩනැගිලි කඩා වැටී ඇති අතර ඒවායේ සුන්බුන්වලට නිවැසියන් විශාල පිරිසක් යට වී ඇති බවට විශ්වාස කෙරෙන බව යුක්රේන බලධාරීහු පවසති. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා තිබුණේ යුක්රේන නගරයක් වන බුකා නගරයට රුසියානු ප‍්‍රහාරවලින් සිදුව තිබූ හානියට වඩා වැඩි හානියක් බොරෝඩ්යන්කා නගරයට සිදුව ඇති බවයි. බුකා නගරයේ සිවිල් වැසියන් ප‍්‍රහාරවලින් මරා දැමිය යුතු බවට රුසියානු හමුදා භටයන් විසින් පණිවිඩ හරහා සාකච්ඡා කර ඇති බවට ජර්මන් බුද්ධි අංශ විසින් තොරතුරු අනවරණය කරගෙන තිබේ. මේ අතර යුක්රේනයේ අගනුවර වන කිව් නගරයට නිරිත දිගින් පිහිටි ඔබුකෝවිචි ගම්මානයේ ජනතාව සිය පාලනයට ගෙන සිටින රුසියානු හමුදාවන් ඔවුන්ව මිනිස් පලිහක් ලෙස භාවිත කරන බවට විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment