රුසියානු හමුදා ප‍්‍රහාරවලින් රුසියානු මාධ්‍යවේදිනියක් මරුට

345

යුක්රේනයේ කිව් අගනුවරට පෙරේදා (23දා) එල්ල වූ රුසියානු හමුදා ෂෙල් වෙඩි ප‍්‍රහාරවලින් අගනුවර වාර්තාකරණයේ නිරතව සිටි රුසියානු ජනමාධ්‍යවේදිනියක් මියගොස් තිබේ. කිව් නගරයේ හා බටහිර යුක්රේන නගරයක් වන ට්ලිවිව් ‘නගරයේ පිහිටි ගවේෂණාත්මක ජනමාධ්‍ය වෙබ් අඩවියක් වන ‘ඉන්සයිඩර්’ වෙබ් අඩවි කාර්යාලයේ සේවය කළ ඔක්සානා බවුලිනා නමැති මාධ්‍යවේදිනිය මෙසේ මියගොස් ඇත්තේ රුසියානු හමුදා ප‍්‍රහාරවලින් සිදුවූ විනාශය සිය මාධ්‍ය ආයතනය වෙනුවෙන් රූපගත කරමින් සිටියදීය.

දශකයකට අධික වෘත්තීය පළපුරුද්දක් ඇති මාධ්‍යවේදිනියක වන ඔක්සානා කිව් නගරයට එල්ල වූ රුසියානු හමුදා ෂෙල් වෙඩි ප‍්‍රහාරයක් හේතුවෙන් හටගත් ගින්නට හසු වී මියගිය බව ඇය සේවය කළ ‘ඉන්සයිඩර්’ වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබේ. රුසියානු විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නිගේ ¥ෂණ විරෝධී කණ්ඩායමේද කලින් සේවය කර ඇති ඔක්සානා අදාළ කණ්ඩායම ඉකුත් වසරේදී අන්තවාදී කණ්ඩායමක් ලෙස නම් කිරීමෙන් පසු රටින් පිටව ගොස් ¥ෂණයට එරෙහි ප‍්‍රවෘත්ති වාර්තා සිය මාධ්‍ය ආයතනය වෙත සැපයීමට පියවර ගෙන තිබිණි. රුසියානු හමුදා යුක්රේනය ආක‍්‍රමණය කිරීමෙන් පසු ඇය පවතින යුද තත්ත්වයද වාර්තා කිරීමේ කටයුතුවල නිරතව සිටියාය. ඔක්සානා මියයෑමට හේතු වූ අදාළ ෂෙල් වෙඩි ප‍්‍රහාරයෙන් තවත් සිවිල් වැසියෙකුද මියගොස් ඇති අතර සිවිල් වැසියන් දෙදෙනකු තුවාල ලබා තිබේ. ඔක්සානා සමග මේ වන විට යුක්රේනය ආක‍්‍රමණය කර සිටින රුසියානු හමුදා ප‍්‍රහාරවලින් ගත වූ මාසයක කාලය තුළදී මියගොස් ඇති මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව හතක් දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment