රුසියාවට එරෙහිව සම්බාධක පනවන බව  ඇමරිකානු ජනපති පවසයි

478

යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ මෙහෙයුමක් දියත් කිරීම සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව සම්බාධක පනවන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් නිවේදනය කර තිබේ. මේ අනුව බටහිර රටවල් විසින් රුසියාවට මුල්‍ය ආධාර දීම කපා හරින බව ජනාධිපති බයිඩන් සඳහන් කර තිබේ.

 රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ජනාධිපති බයිඩන් මෙම නිවේදනය සිදු කර ඇත්තේ රුසියානු දේශපාලන අධිකාරිය විසින් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට අන්තවාදීන් විසින් අල්ලා ගෙන ඇති නැගෙනහිර යුක්රේනයේ පිහිටි කලාප දෙකකට හමුදාව යැවීමට බලය ලබා දීමෙන් පසුවය. රුසියාව විසින් සිය හමුදාව යැවූ අදාළ කලාප දෙක වන ඩොනේට්ස්ක් හා හාන්ස්ක් ස්වාධීන රාජ්‍යයන් බව ප‍්‍රකාශ කර ඇත. යුක්රේන රජය පවසා ඇත්තේ මෙම ප‍්‍රකාශය එරට ස්වෛරීත්වයට එල්ල වූ පහරක් බවයි. රුසියාව විසින් යුක්රේනය වෙත හමුදා යැවීම දැවැන්ත ආක‍්‍රමණයක් කිරීම වෙනුවට සිදු කළ ක‍්‍රියාවක් ලෙස බොහෝ බටහිර රටවල් විසින් හඳුන්වා දී ඇත. අන්තවාදීන්ගේ පාලනය යටතේ පවතින අදාළ කලාප දෙක තුළ සාමය පවත්වාගෙන යෑම සඳහා හමුදා භටයන් යැවූ බව ජනාධිපති පුටින් විසින් ප‍්‍රකාශ කර ඇතත් ඇමරිකානු ජනාධිපති බයිඩන් විසින් එම ප‍්‍රකාශය විකාරයක් ලෙස හඳුන්වා දී තිබේ. මේ වන විට යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27ම යුක්රේනයට හමුදා භටයන් යැවීමට එරෙහිව රුසියාවට එරෙහිව පියවර ගැනීමට එකඟ වී ඇති අතර එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් පවසා ඇත්තේ එංගලන්තයේ බැංකු පහක පවතින රුසියාවට අයත් වත්කම් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි. රුසියානු ජාතික කොටිපතින් තිදෙනෙකුට එංගලන්තයට පැමිණීම තහනම් කර ඇති අතර රුසියාවට එරෙහිව මේ හා සමාන වූ ක‍්‍රියාමාර්ගයන් ගැනීමට කැනඩාව, ඔස්ටේ‍්‍රලියාව හා ජපානය විසින් පියවර ගෙන තිබේ. යුක්රේනයට එරෙහි රුසියාව තවත් ක‍්‍රියාමාර්ගයන් ගතහොත් රුසියාවට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඇමරිකානු හා යුරෝපා බලධාරීහු පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment