රුසියාවට යවන තැපැල් භාණ්ඩ භාරගැනේ

228

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින ගුවන් ගමන් ගැටලුව නිරාකරණය වෙමින් පැවතීමත් විකල්ප මාර්ග ඔස්සේ රුසියාව වෙත තැපැල් භාණ්ඩ යැවීමේ හැකියාව විමර්ශනය කරමින් පැවතීමත් යන කරුණු පිළිබඳව සලකා බලා නැවතත් තැපැල් කාර්යාල මගින් රුසියාව වෙත යවන තැපැල් භාණ්ඩ භාරගැනීම ආරම්භ කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

එසේ භාරගනු ලබන තැපැල් භාණ්ඩ අදාළ ගමනාන්තය වෙත ළඟාවීමේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව ද ඒ මහතා සඳහන් කරයි.

ගුවන් ගමන් ගැටලුව නිසා රුසියාව වෙත යැවෙන තැපැල් භාණ්ඩ භාර ගැනීම තැපැල් කාර්යාල මගින් පසුගිය දිනවල තාවකාලිකව අත්හිටුවා තිබිණි.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment