රුසියාවට යළිත් සම්බාධක

276

ජී – 7 රටවල රාජ්‍ය නායකයන් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ හමුවක් පැවැත්විණි.

එහිදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවී කතා කිරීමෙන් පසු රුසියාවට නව සම්බාධක පැනැවීමට ‘ජී 7’ නායකයෝ තීරණය කළහ.

රුසියානු තෙල් ආනයනය ක්‍රමානුකූලව නතර කිරීමට හෝ තහනම් කිරීමට හෝ අප කැපවී සිටිනවා” යැයි ජී 7 නායකයන් ඒකමතිකව තීරණය කළ බව ද පැවැසෙයි.

මීට අමතරව, ඇමෙරිකා රජය රුසියානු රූපවාහිනී නාලිකා තුනකට නව සම්බාධක පනවන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඊට අමතරව, රුසියානු ජාතිකයන්ට ගිණුම්කරණ සේවා සහ උපදේශන සේවා සැපැයීම වැළැක්වීමට ද ඇමෙරිකන් රජය පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment