රුසියාවට – යුක්රේනයට තේ යැවීම සම්පූර්ණයෙන්ම නතර වෙයි

381

මෙරට තේ ලබා ගන්නා විශාලතම තෙවැනි ගැනුම්කරුවා වන රුසියාවට සහ යුක්රේනයට තේ අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට තේ අපනයනකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

පවතින යුදමය වාතාවරණය හමුවේ එම රටවලට තේ අපනයනය කිරීමේදී මුදල් ලබා ගැනීම පිළිබ`දව ගැටලූ මතුවීම සහ නැව් සමාගම් එහි ගමන් කිරීම ප‍්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

පවතින තත්ත්වය තුළ වෙනත් රටක් හරහා මුදල් ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කිරීමට සැලසුම් කර තිබුණ ද ඇමරිකාව ප‍්‍රධාන යුරෝපීය රටවල් රුසියානු බැංකු පද්ධතිය සම`ග ගනුදෙනු නොකරන ලෙස මූල්‍ය සහ ආර්ථික සම්බාධක පැනවීම නිසා එයද ව්‍යර්ථ වූ බව තේ අපනයනකරුවන්ගේ සංගමය ස`දහන් කරයි.

ඉකුත් 2021 වසරේදී රුසියාවට තේ කිලෝ ග‍්‍රෑම් මිලියන 27 ක් සහ යුක්රේනයට කිලෝ ග‍්‍රෑම් මිලියන හතරක් පමණ මෙරටින් අපනයනය කර තිබුණු අතර ඉකුත් වසරේ මෙරටින් අපනයනය කළ සම්පූර්ණ තේ ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් මිලියන 299 ක් විය. මේ අන්දමට රුසියාවට සහ යුක්රේනයට මෙරට තේ අපනයනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වුවහොත් එය ශී‍්‍ර ලංකා ආර්ථිකයට දැඩිව බලපාන්නක් බව ඉකුත් දිනවල ආර්ථික විශේෂඥයෝ පෙන්වා දුන්හ.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment