රුසියාවෙන් ඉන්ධන මිලදී ගන්නා ක්‍රමයට ඇමෙරිකාවෙන් ඉන්දියාවට ප්‍රශංසා

261

G7 සමුළුව විසින් ප්‍රකාශ කර ඇති මිලට ඉන්දියාව රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම ගැන ඇමෙරික එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලින් මහත්මිය සතුට ප්‍රකාශ කරයි. චීනයට පසු රුසියාවෙන් ඉන්ධන මිලදී ගන්නා විශාලතම රට ඉන්දියාවය. ඉන්දියාව,චීනය ඇතුළු සෙසු රටවල් මෙලෙස G7 සමුළුවේ ප්‍රකාශයට අනුව රුසියාවෙන් ඉන්ධන සහ බොරතෙල් මිලදී ගැනීමේදී ඔවුන්ට මිල අඩුකර විකිණීමට සිදුවන බවද සඳහන් කරයි.රුසියාවෙන් ඉන්ධන සහ බොරතෙල් මිලදී ගැනීම ගැන ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයිෂන්කර් මහතා පවසන්නේ එය ඉන්දියාවටද ලාභ දායී බවය.එනිසා දිගටම එම මිලදී ගැනීම සිදු කරන බවය. මේ වන විට යූරෝපය රැසියානු ඉන්ධන මිලදී ගැනීම නතර කර ඇති නිසා ඔවුනට වෙනත් ගැනුම්කරුවන් සොයා ගැනීමට සිදුවන බවත් එනිසා ඒකාධිකාරී අයුරින් ඉන්ධන අලෙවි කළ නොහැකි බව ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලින් මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment