රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම ගැන විදුලි බල ඇමැති පවසයි

790


රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා සාකච්ඡා කිරීමට තමා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා හමුවූ බව විදුලි බල හා බල ශක්ති ඇමැති කාන්චන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. එහිදී තානාපතිවරයා එරට තෙල් සමාගම් 06ක නම් තමාවෙත ලබාදුන් බවත් රුසියානු රජය ඉන්ධන අලෙවි කිරීම සිදු නොකරන බව පැවසූ බවත් කීවේය. රුසියානු සමාගම් වලින් ඉන්ධන මිලදී ගැනීමේදී ටෙන්ඩර් කැඳවීමක් සිදුකළ නොහැකි බවද තානාපතිවරයා පැවසූ බව ද ඇමැතිවරයා පැවසීය.මේ වන විට එම සමාගම් වලින් ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉල්ලීම් කර ඇති අතර ප්‍රතිචාර දක්වා ඇත්තේ සමාගම් තුනක් බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment