රුසියාවෙන් දෙන්න යන ගල්අඟුරුවලට බාල්දියක්!

399

නොරොච්චෝල ගල්අඟරු බලාගාරය සඳහා රුසියා සමාගමක් වසර දෙකකට ගල්අඟුරු සැපයීමට ඉදිරිපත්වී සිටියදී එය කඩාකප්පල් කිරීමට අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව බලාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සපයා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවූ බවත් එහිදී සමාගම් දෙකක් ඉදිරිපත්වී ඉන් රුසියානු සමාගම තෝරගෙන තිබෙන බවත් එහි උසස් නිලධාරියෙක් පැවසීය. රුසියන් සමාගම එල්. සී. (ණවර ලිපි) නිකුත් කිරීමට මාස 6ක කාලයක් සමග කිසිදු මූලික මුදලක් අයනොකර ගල්අඟුරු වසර දෙකකට සැපයීමට ඉදිරිපත්වී ඇති බවත් එම නිලධාරියා කීය.

මේ වන විට බලාගාරයට ගල්අඟුරු සැපයීමට ඉදිරිපත්වී සිටින සමාගම මිල සූත්‍රයකට අනුව ගල්අඟුරු ලබාදෙන බවත්, පෙර සැපයුමටත් වඩා අඩුවෙන් රටට අව්‍ය ගල්අඟුරු මෙටි්‍රක් ටොන් 4-5 ලබාදීමට එකඟවී ඇති බවත් එම නිලධාරියා කීය. මේ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බවද ඔහු කීය.

දැනට බලාගාරය සතුව ඔක්තෝබර් (2022) වනතෙක් ගල්අඟුරු පවතින බවත් නව ටෙන්ඩරයට අනුව ඔක්තෝබර් අවසානයේ ගල්අඟුරු සැපයීමට අදාළ සමාගම එකඟවී ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment