රුසියාවේ අසූර් එයාර් ශ්‍රී ලංකාවට ගමන් අරඹයි

282

රුසියාවේ සිට එහි තවත් විශාල ගුවන් සේවයක් වන අසූර් එයා (Azur Air) ගුවන් සේවයෙන් ශ්‍රී ලංකාවට පළමු වර එන ගුවන් යානය ඊයේ (03 දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළට ගොඩබෑවේය.

රුසියාවේ ප්‍රධාන නගර 04 ක් වන වෙනුකෝවෝ, ටොල්මැචේවෝ, ක්‍රාස්නෝයාස්ක් සහ සාන්ත පීටස්බර්ග් යන නගරවල පිහිටි ගුවන් තොටුපළවල සිට සතියකට දින 04ක්, එනම් බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල මෙම ගුවන් යානා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

ඉසෙඩ්. එෆ්.- 1611 දරන මෙම පළමු ගුවන් යානය ඊයේ උදෑසන 09.45 ට රුසියාවේ සිට රුසියානු සංචාරක ගුවන් මගීන් 333 දෙනකු රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

රුසියාවේ අසූර් එයාර් ශ්‍රී ලංකාවට ගමන් අරඹයි

ඔවුන් පිළිගැනීම සඳහා රැසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment