රුසියාවේ එරෝෆ්ලොට්  යළි ලංකාවට පියාඹයි

169

කොන්දේසි කිහිපයකට යටත්ව රුසියාවේ එරෝෆ්ලෝට් ගුවන් සේවාවන් ඔක්තෝබර් මස 09දා සිට යළිත් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇත.

එකී ගුවන්යානා ලංකාවට පැමිණීම සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවට අදාළ ආයතන මගින් ගුවන්යානා ඉන්ධන නොනවත්වා සැපයීමට පියවර ගත යුතු බවත්, ඒ පිළිබඳ එකඟතාව පළ කොට එකී එකඟතාව අනුව කටයුතු කිරීමට අපොහොසත් වුවහොත් එවැනි අවස්ථාවකදී ඉන්ධන ලබා ගැනීම සඳහා වෙනත් ගමනාන්තයකට යෑමට වැයවන මුදල ශ්‍රී ලංකා රජය මගින් ගෙවිය යුතු බවත් ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම පිළිබඳව තමා විසින් මුදල් අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එකී කොන්දේසි සඳහා එකඟත්වය පළ කරමින් රුසියානු ෆෙඩරල් ගුවන් ප්‍රවාහන ඒජන්සිය වෙත ලිපියක් යවනු ලැබූ බවත් ඒ අනුව ඔක්තෝබර් මස 09 දා සිට එරෝෆ්ලෝට් ගුවන් යානා ශ්‍රී ලංකා වෙත නැවත පැමිණීමට නියමිත බවත් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

එම ලිපිය නිකුත් කර ඇත්තේ ෆෙඩරල් ගුවන් ප්‍රවාහන ඒජන්සියේ නියෝජ්‍ය ප්‍රධානී වැල්ඩිමීර් වී. ප්‍රෝටෙස්කින් මහතා විසිනි.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment