රුසියාවේ කප් ගැසූ ‘මාරියා’ හැනෝයිවලට පියාඹයි

420

රුසියාවේ Yalta Eurasian bridge අන්තර්ජාතික සිනමා සම්මාන උළලේ හොඳම චිත්‍රපටය වශයෙන් අරුණ ජයවර්ධන අධ්‍යක්‍ෂණය කළ ඉන්ද්‍රජිත් සිල්වා නිෂ්පාදනය කළ මාරියා සිංහල චිත්‍රපටය පසුගියදා සම්මානයට පාත්‍ර විය.

රුසියාවේ කප් ගැසූ ‘මාරියා’ හැනෝයිවලට පියාඹයි
අධ්‍යක්‍ෂ අරුණ ජයවර්ධන

සම්මාන උළලේ තරගකාරී අංශයේ අවසන් වටයට චිත්‍රපට අටක් තේරී පත්වී තිබූ අතර ඒ අතරින් එම උළලේ හොඳම චිත්‍රපටය ලෙස තේරී පත් වූයේ මාරියා සිංහල චිත්‍රපටයයි.

මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර සහ සුරන් දසනායක යන අය මෙහි චරිත නිරූපණයෙන් දායක වේ.

රුසියාවේ කප් ගැසූ ‘මාරියා’ හැනෝයිවලට පියාඹයි

චන්න දේශප්‍රිය කැමරාකරණයෙන් ද ඩිලන්ත පෙරේරා සංස්කරණයෙන් ද අසංක වික්‍රමසිරි වර්ණ සංයෝජනයෙන් ද මැක්ලේන් ඇඩම් සහාය කැමරාකරණයෙන් ද චින්තක ජයකොඩි සංගීතයෙන් ද සශික රුවන් මාරසිංහ ශබ්ද සැලසුම්කරණයෙන් ද දමින්ද මඩවල සහාය අධ්‍යක්‍ෂණයෙන් ද සුනිල් ප්‍රේමරත්න කලා අධ්‍යක්‍ෂණයෙන් ද ප්‍රියංක රත්නායක අංග රචනයෙන් ද ගිහාන් පෙරේරා නිෂ්පාදන කළමණාකරණයෙන් ද මීට දායකත්වය සපයති.

රුසියාවේ කප් ගැසූ ‘මාරියා’ හැනෝයිවලට පියාඹයි

මීට අමතරව මේ වනවිට ලෝකයේ තවත් ප්‍රධාන චිත්‍රපට උළෙලක්වන වියට්නාමයේ හැනෝයි අන්තර්ජාතික සිනමා උළලේ තරගකාරී අංශයට ද මෙම චිත්‍රපටය තේරී පත්වී ඇත. ඒ අනුව නොවැම්බර් මස මුල් භාගයේදී අධ්‍යක්‍ෂ අරුණ ජයවර්ධනයට, නිෂ්පාදක ඉන්ද්‍රජිත් සිල්වාට සහ රංගන ශිල්පී හේමාල් රණසිංහට එම සිනමා උළෙලට සහභාගි වීමට ආරාධනා ලැබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment