රුසියාවේ පෙම් යුවළක් ගිය යතුරුපැදිය අනතුරක

500

වැල්ලවාය – තණමල්විල මාර්ගයේ වෙහෙරයාය ගංගාරාමය අසලදී පසුගියදා සිදුවූ රිය අනතුරකින් රුසියානු ජාතික පෙම් යුවළක් සුළු තුවාල ලබා ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.

මෙම දෙදෙනා ඇල්ල ප‍්‍රදේශයේ සිට හික්කඩුවට යතුරුපැදියකින් යමින් සිටියදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් යතුරුපැදියේ ගැටී ඇත.

සිද්ධියෙන් බොලි ශෙව් එලේනා නමැති තරුණිය තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට අතුළත් කර ඇත. ඇයගේ පෙම්වතා වන රොපෝකොබ් ගොෂ්කොව් යන අයට සීරිම් තුවාල පමණක් සිදුවී ඇත.

මෝටර් රථයේ රියැදුරු සමඟ සාකච්ඡුා කිරීමෙන් අනතුරුව යතුරුපැදිය අලූත්වැඩියා කිරීම සඳහා රුපියල් 20,000 ක මුදලක් ලබාදීමට කටයුතු කිරීමෙන් පසුව සිද්ධිය සමතයකට පත්වී ඇත.

වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී. එම්. රත්නායක මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment